Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»රුසියාවේ පසමිතුරු රටවල්, ගිවිසුම් හා පුටින්ගේ නියෝග
    International

    රුසියාවේ පසමිතුරු රටවල්, ගිවිසුම් හා පුටින්ගේ නියෝග

    By LFNAugust 10, 2023No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොස්කව් අගනුවර ආසන්නයේ දී තවත් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    පසුගිය (08) රාත්‍රියේ මෙලෙස ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් මොස්කව් කලාපයට ළඟා වූ අතර, ඒ දෙකම සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ඉන් එක් ඩ්‍රෝන යානයක් මොස්කව් නගරයේ දකුණු දෙසින් පිහිටි ‘ඩොමොඩෙඩොවෝ‘ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නට කඩා වැටී ඇති අතර, අනෙක් ඩ්‍රෝන යානය මොස්කව් සිට බෙලරූස් අගනුවර මින්ස්ක් වෙත ඇදෙන මහාමාර්ගයේ ඉහළ අහසේ දී බිම හෙළා තිබේ.

    පසුගිය ඉරිදා ද මොස්කව් වෙත පැමිණෙමින් තිබූ ඩ්‍රෝන යානයක් රුසියාව බිම හෙලනු ලැබීය.

    පසුගිය ජුලි 30 වනදා සහ අගෝස්තු 01 වනදා යුක්රේන ඩ්‍රෝන යානා මොස්කව් වෙත ළඟාවූ අතර, එම ප්‍රහාරවලින් එහි මූල්‍ය ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභ හානි සිදුවිය.

    රුසියාව මෙම යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර හඳුන්වන්නේ ත්‍රස්ත ප්‍රහාර ලෙසයි.

    සිය ප්‍රතිප්‍රහාර මෙහෙයුම අසාර්ථක වීම නිසා යුක්රේනය මෙලෙස මොස්කව් නුවරට ඩ්‍රෝන තර්ජන එල්ල කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

    මේ අතර, පසමිතුරු රටවල් සමඟ පවතින ද්විත්ව බදුකරණ ගිවිසුම් අත්හිටුවමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝගයක් නිකුත් කර තිබේ.

    යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ රටවල් මෙහි දී විශේෂයෙන් ඉලක්ක කරගෙන ඇති බව රුසියානු ප්‍රවෘත්ති සේවා සඳහන් කර ඇත.

    මෙම පියවර රුසියානු මුදල් අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද්දක් බව ද රුසියානු RIA ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

    මෙලෙස රුසියාව ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම්වලින් ඉවත්වීම සම්බධයෙන් ජපානය දැනටමත් විරෝධය දක්වා තිබේ.

    ජපාන කැබිනට් මණ්ඩල ප්‍රධාන ලේකම් හිරොකාසු මත්සුනෝ ප්‍රකාශ කළේ, රුසියාව සහ ජපානය අතර පවතින බදු ගිවිසුම්වලින් රුසියාව ඒකපාර්ශ්වික ඉවත්වීම කනගාටුදායක කරුණක් බවයි.

    එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි අතර, එමඟින් ජපාන ජනතාවට සහ ව්‍යාපාරවලට බලපෑමක් ඇති වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ජපානය විරෝධය පළ කර ඇති අතර, එම තීරණය ඉවත් කරගන්නා ලෙස ද ඉල්ලා තිබේ.

    එමෙන්ම රුසියානු ජනපතිගේ තීරණය සම්බන්ධයෙන් ජපානය සමීප අවධානයෙන් පසුවන බවත් ජපාන සමාගම්වලට එය බලපාන වාතාවරණය පිළිබඳ තොරතුරු එක්රැස්කොට සුදුසු ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් ජපාන කැබිනට් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.