Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පේරාදෙණි සරසවියේ වංචා, දූෂණ රැසක් කෝප් කමිටුවෙන් එළියට
    Featured

    පේරාදෙණි සරසවියේ වංචා, දූෂණ රැසක් කෝප් කමිටුවෙන් එළියට

    By LFNAugust 10, 2023No Comments2 Mins Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය වාර්තා කර තිබේ.

    ඒ අනුව, ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

    විගණන කමිටුව වර්ජනය කළ අනධ්‍යයන විධායක නිලධාරීන්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් මෙහි දී සිදු ව තිබේ.

    එසේම,විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමට නොහැකි බව ද කෝප් කමිටුවේ දී අවධාරණයට ලක් වී ඇත.

    ඒ අනුව,ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 63කගෙන් රුපියල් මිලියන 25ක් අයකර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව නියෝග කර ඇති බව සඳහන්ය.

    මේ අතර, මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රුපියල් මිලියන 07කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම පිළිබද වහාම පියවර ගැනීමට ද කෝප් කමිටුව නියෝග කර ඇති අතර, ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රුපියල් මිලියන 3.2ක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටත් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

    මේ අතර, මිලියන 7.5ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 06කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රුපියල් මිලියන 8.3ක වියදමින් ආරම්භකරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 06ක් ගතවුව ද අවසන් කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහි දී අවධානය යොමු ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.