Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමනල වැවේ ජලය ගලාඑන මාර්ගය මෙන්න
    Featured

    සමනල වැවේ ජලය ගලාඑන මාර්ගය මෙන්න

    By LFNAugust 8, 2023No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ උඩවලව ජල ගැටලුව අවසන් කරමින් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) අලුයම 03 ට පමණ ආරම්භ කෙරුණි.

    විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ දිනකට කියුබික් මීටර් මිලියන3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවය.

    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයත් සමග උඩවලව ජලාශය සිදීයෑමෙන් මහවැලි වලව කලාපයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටි පසුබිමක කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කළේ සමනල වැවෙන් යම් ජල ප්‍රමාණයක් උඩවලව ජලාශයට මුදාහැරීමටය.

    ඒ අනුව අද හෙට සහ අනිද්දා යන දින තුනේදී දිනකට ඝන මීටර් මිලියන 3.5 බැගින් ජලය නිකුත් කිරීම සිදුවන අතර එමගින් දිනකට විදුලිය ඒකක ගිගා වොට් පැය 2.1 බැගින් නිපදවනු ලබයි.

    ඉන් පසුව 11 වනදා සිට 15 වනදා දක්වා දින පහේදී දිනකට ඝන මීටර් මිලියන 2.5 බැගින් ජලය නිකුත් කෙරෙන්නේ දිනකට විදුලිය ඒකක ගිගා වොට් පැය 1.5 බැගින් ජනිත කරමිනි.

    විදුලි නිෂ්පාදනයෙන් පසුව මුදාහැරෙන ජලයට අමතරව සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුවෙන් තවත් ජල ප්‍රමාණයක් සමනල වැව වේල්ල අසලින් කුඔල්ගම ප්‍රදේශයෙන් වලවේ ගඟට එක්වෙයි.

    මෙලෙස සමනල වැවෙන් නිකුත් කරන ජලය වලවේ ගඟ ඔස්සේ ගලා ගොස් අද පස්වරුව වන විට උඩවලව ජලාශයට එක්වී ඇති අතර එම ප්‍රමාණය අක්කර අඩි 600ක් බව මහවැලි අධිකාරිය පැවසීය.

    මහවැලි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර (තාක්ෂණ සේවා) තිලක් රණසිංහ මහතා,

    “ලැබිච්ච වතුර ටිකෙන් උපරිම ප්‍රයෝජන ගමු. නැත්තම් මේක අපරාධයක්. සමනල වැවටත් නැහැ. අපිටත් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.