Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටින් පැන්න වෛද්‍යවරු ගැන දැඩි තීරණයක්
    Featured

    රටින් පැන්න වෛද්‍යවරු ගැන දැඩි තීරණයක්

    By LFNAugust 14, 2023No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශේෂඥ පුහුණුව ලැබීම සඳහා විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණි වෛද්‍යවරුන් 120 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් ගෙවුණු වසර එක හමාර තුළදී මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණ කරයි.

    එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අනුව අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවය.

    විශේෂඥ වෛද්‍යවරයෙකුවීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වේ.

    මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණුකිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ.

    කෙසේ වෙතත් පසු ගිය වසර එක හමාරක කාලය තුළ එලෙස පැමිණි වෛද්‍යවරුන් 363 දෙනකුගෙන් 120 දෙනකු පමණ නොදන්වා නීතිවිරෝධී ලෙස යළි විදෙස්ගතව ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා,

    “විදේශගත වන වෛද්‍යවරුන් විදේශගත වීමට පෙර ගිවිසුමක් අත්සන් කරනවා. බැදුම්කරයක් අත්සන් කරනවා ඒ කියන්නේ විදේශගත වෙලා ඉදලා ලංකාවට එනවා කියලා. ඒ අත්සන් කරන්නේ විදේශගත වෙලා ඇවිල්ලා අනිවාර්ය සේවා කාලයක් සේවා කළ යුතුයි කියන එකත් එක්ක. 2022 ජනවාරි 10 වනදා ඉදලා 2023 ජූලි 31 දක්වා විදේශ පුහුණුව ලබලා ලංකාවට ආපු වෛද්‍යවරු 363 දෙනෙක් පමන ඉන්නවා. ඒ අතරින් 106ත් 120 අතර පිරිසක් නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වෙලා තියෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන් 29ක් ඉන්නනවා. 11ක් හෝ 12 නිසි අවසරයකින් තොරව විදේශගත වෙලා තියෙනවා. ”

    මෙවන් පසුබිමක විදෙස් ගත පුහුණුව ලබා මෙරටට නොපැමිණෙන වෛද්‍යවරුන් මෙන්ම දැනුම්දීමකින් තොරව මෙරටින් විදෙස්ගතවන වෛද්‍යවරුන් අසාදුලේඛනගත කිරීමට නියමිතව තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා,

    “මේ වෙනකොට අපි රාජ්‍ය සේවා කොමිසන් සභාවට මාස 6කට වරක් අසාදු ලේඛනයක් යවනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් යවනවා ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දිය යුතුද යන එක නැවත සලකා බැලීමට සිදුවන කාලයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටින වෛද්‍ය සභාව මේ බ්ලැක්ලිස්ට් කරන වෛද්‍යවරු ගැන තීරණයක් ගනී කියලා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය ගත හැකියැයි මම විශ්වාස කරනවා. මෙතෙක් කල් ක්‍රියාත්මක නොවුණු දැඩි නීති රීති ගන්න වෙයි, සම්මත නීති රීති වලට පටහැනිව රට හැර යෑම සම්බන්ධයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.