Author: LFN

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. එම සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර ඇත. එහිදී අධිකරණය අදාළ ඇප නියෝගය ලබාදෙමින්සැ කකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම ද තහනම් කර ඇත. ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ මෙලෙස බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වීමෙන් පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය නැරඹීමට ඊයේ (8)පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි. ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් විය. ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය…

Read More

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය ඊයේ (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ. මීට පෙර තීරණය කළ කටයුතු රැසක් පවතින හෙයින් ඒවාට ඉදිරි සති දෙකක කාලය වෙන් කිරීමට සිදුවන බව එහි දී සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම යෝජනාව මේ සතියේදී විවාදයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාද ඉල්ලීමක් කර ඇති හෙයින් විවාදය මේ සතියේදී පැවැත්විය හැකි බව ආණ්ඩුවේ නායකයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ.…

Read More

විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි. මේ හේතුවෙන් ගිරිඋල්ල – මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත. පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත. දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි. අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ. මේ හේතුවෙන් දුම්රිය රැසක ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර පළාතේත් කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත්මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන සිදුවෙන බවට පළවන චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවය.

Read More

බම්බලපිටිය පොලිස් වසම තුළ සිදුවූ සැකකටයුතු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරින් 04 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියම කළේය. අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරීන් සිව්දෙනා බම්බලපිටිය පොලීසිය විසින් අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. අනතුරුව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබුණි. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බම්බලපිටිය මුහුදු…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාවේ ඝණ පූර්ණය පිළිබඳ විමසීම නිසා සභාවේ කටයුතු ඊයේ (08) පස්වරුවේ අවස්ථා පහකදී නතර වුණි. තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීවීමට පොරොන්දුවූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමා සෑම අවස්ථාවකදීම සභාවේ ඝණ පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා අද පෙරවරුවේදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.

Read More

රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ උඩවලව ජල ගැටලුව අවසන් කරමින් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) අලුයම 03 ට පමණ ආරම්භ කෙරුණි. විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ දිනකට කියුබික් මීටර් මිලියන3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවය. දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයත් සමග උඩවලව ජලාශය සිදීයෑමෙන් මහවැලි වලව කලාපයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටි පසුබිමක කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කළේ සමනල වැවෙන් යම් ජල ප්‍රමාණයක් උඩවලව ජලාශයට මුදාහැරීමටය. ඒ අනුව අද හෙට සහ අනිද්දා යන දින තුනේදී දිනකට ඝන මීටර් මිලියන 3.5 බැගින් ජලය නිකුත් කිරීම සිදුවන අතර එමගින් දිනකට විදුලිය…

Read More