Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමනල වැව ජලාශයේ විදුලි නිෂ්පාදනය දින 02කින් අවසන්
    Featured

    සමනල වැව ජලාශයේ විදුලි නිෂ්පාදනය දින 02කින් අවසන්

    By LFNAugust 16, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය.

    දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අවම අගයකට පැමිණි අතර එමගින් පෝෂණය වන ගොවිබිම් වෙත මුදාහැරීම සඳහා සමනල වැවෙන් අතිරික්ත ජල ධාරිතාවක් මුදා හැරීම ඉකුත් 08 වනදා ආරම්භ වුණි.

    ඒ අනුව විදුලිය නිෂ්පාදනය කරමින්, දෛනිකව උපරිම ධාරිතාවයකින් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    කෙසේවෙතත්, ඊයේ පස්වරු 03 වන විට සමනල වැවේ සක්‍රීය ජල ධාරිතාව මිලියන ඝන මීටර් 4.89ක් දක්වා පහළ ගොස් තිබුණි.

    එය ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 2.91%ක ප්‍රතිශතයකි.

    ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ සමනල වැවේ ඉතිරිව ඇති ජල ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බවය.

    මෙවන් පසුබිමක, සමනල වැව ජලාශයෙන් ඉදිරි විදුලි උත්පාදන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

    එහිදී ඔහු සඳහන් කළේ, “ඉරිදා වනවිට දකුණු පළාත ජාතික විදුලි පද්ධතියට එකතු කරන්න හැකිවෙයි.” යනුවෙනි.

    මේ අතර පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ යමින් තිබේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් යටතේ පාලනය වන විශාල ජලාශ 73හි භාවිත කළ හැකි ජල ධාරිතාව 29% දක්වා පහළ බැස ඇති බවය.

    එය අක්කර අඩි 874,000 ක ප්‍රමාණයක් බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේද දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.