Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය ලබාදුන් බව පැවසීය. නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර නිවසේ හිමිකරු සතු රුපියල් 20,000ක මුදලක් හා මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද විත්තිකරුට චෝදනා එල්ල වී තිබුණි. මේ වනවිට මියගොස් සිටින හර්ෂ යසස්ශ්‍රී ජයම්බීර නමැත්තා සමග 2015 ජුනි මස 10 වනදා මුල්ලේරියාවේ පිහිටි අනුර පාලිත පෙරේරා නමැත්තාගේ නිවසට කඩාවැදී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර එම මංකොල්ලය සිදුකර…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි. පූගොඩ, රන්පොකුණගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරපොල සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවත් රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ, තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවයි.
හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණි. නමුත් පසුගිය සමයන්හි දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු බොහොමයක් වරප්‍රසාද ඇතුලත් කොට තිබිණි. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත. ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති දෑ කපා…
අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ විලක ගිලී අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර හමුවූ බව වාර්තා වෙයි. ටෆාරී කැම්බල් නම් එම පුද්ගලයා එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා ගේ පෞද්ගලික සුපවේදියා බවට කරුණු අනාවරණය වී තිබේ. 45 හැවිරිදි කැම්බල් එම විලෙහි විනෝද වෙමින් සිටින අතරතුර දියේ ගිලී ඇති අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට දින දෙකක් පමණ ගතවිය. බැරක් ඔබාමා ගේ නිවස පිහිටා ඇත්තේ එම විල ආසන්නයේ ය. කැම්බල් ධවල මන්දිරයේ සුප වේදියෙක් වශයෙන් සේවය කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් 2016 වසරේදී ඉවත්ව යනවිට කැම්බල් හිටපු ජනපති ට සේවය කිරීම සඳහා ඔහුද ධවල මන්දිරයේ සේවයෙන් ඉවත් වී තිබුණි.
බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.
තම කුඩා දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. එම පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ 03 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකි. පිළිස්සුම් තුවාල සිදුවීම හේතුවෙන් අදාළ දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත. පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවා සැකකාර පියාගේ මව විසින් රැකබලාගෙන ඇති බවය. සැකකාර පියා සහ දරුවාගේ මව කොළඹ ප්‍රදේශයේ නේවාසිකව රැකියාවක නිරතව සිට තිබේ. ඊයේ දිනයේ මෙම සැකකාර පියා බීමතින් ලිඳුල ප්‍රදේශයේ එම නිවස වෙත පැමිණ මව සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙලෙස මුළුතැන්ගෙය තුළ තිබූ…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සොයාගෙන ඇත. ඒ, සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරිවලදී ය. එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 09 පරීක්ෂණ කටයුතු සඳහා රඳවාගෙන තිබුණි. මෙම පාර්සල් නෙදර්ලන්තය හා අමෙරිකාවේ සිට කොළඹ, මහරගම හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණි. පසුව අනාවරණය වී ඇත්තේ ඒවා ව්‍යාජ ලිපිනයන් බවය. අදාළ පාර්සල් විවෘත කර බැලීමේදී මත්පෙති 2,000ක් හා කුෂ් කිලෝ 04ක්, මත්ද්‍රව්‍ය අඩංගු හතු ග්‍රෑම් 300ක් (magic mushroom) සහ මත්ද්‍රව්‍ය අඩංගු චොකලට් තොගයක් සොයාගෙන තිබේ. මෙම භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 70 කට ආසන්න බව වාර්තා වෙයි.…
ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ (25) බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව ප්‍රකාශ කළේය. එම සමුළුව (26) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නිදහස ජනතා සභාව නියෝජනය කරන පක්ෂ සහ ජාතික නිදහස් පෙරමුණ මෙම හමුවට සහභාගී වන බව දැනුම් දී තිබේ. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය ඊට සහභාගී නොවන බව එහි ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.