Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියඟය රට වටේම ගොයම වැනසූ හැටි
    Featured

    නියඟය රට වටේම ගොයම වැනසූ හැටි

    By LFNAugust 17, 2023No Comments2 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු කටයුතු ආරම්භ කර තිබේ.

    දිවයිනම ආවරණය වන පරිදි මෙම තක්සේරු සිදු කරන අතර ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 25කි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදු කළ තක්සේරු කිරීම්වලට අනුව ඊයේ දිනය වන විට වී වගාවට වැඩිම හානි සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය.

    එම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 19,388 කට හානි සිදුව ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 22,357කි.

    දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයට බව හඳුනාගෙන තිබේ.

    එහි කුඹුරු අක්කර 10,125 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 4050 කි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ තක්සේරු කිරීම්වලට අනුව වැඩිම හානි සිදුව ඇති වී වගා බිම් කලාපය වන්නේ මහවයි.

    මහව කලාපයේ අක්කර 8,008 කට නියඟයෙන් හානි සිදුව ඇති අතර පුත්තලමේ අක්කර 818 කටත්, රත්නපුරයේ අක්කර 636 කටත්, මාතර අක්කර 629 කටත්, හම්බන්තොට අක්කර 541කටත්, මඩකලපුවේ අක්කර 528 කටත්, නුවරඑළියේ අක්කර 491 කටත් හානි සිදුවී ඇතැයි තක්සේරු වාර්තාවේ සඳහන්ව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ ඊයේ දිනය වන විට මෙලෙස දිවයිනපුරා අක්කර 37,101 ක වී වගා කළ ගොවීන් 32,967 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි හඳුනාගෙන ඇති බවය.

    මෙහි අවසන් වාර්තාව සකස් කිරිම සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    මේ අතර රත්නපුර ගොඩකවෙල අම්බැවිල ගම්මානයේ අක්කර 300 ක පමණ යල මහ දෙකන්නයේ වි වගා කිරීම සඳහා ජලය ලබාගන්නා අම්බැවිල වැව සිඳී ගොස් තිබේ.

    මේ හේතුවෙන් අක්කර 300 ම පමණ විනාශයට පත් වෙමින් පවතින බව ගොවීන් පවසයි.

    එවන් පසුබිමක අම්පාර සේනානායක සමුද්‍රෙය් ජලය දින 3ක සිට ඇල මාර්ග ඔස්සේ නිකරුණේ ගලා යන බවට ගල්ඔය වම් ඉවුර ගොවීන් චෝදනා කරයි.

    ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ මේවනවිටත් අස්වනු නෙලා අවසන්ව තිබියදි මෙලෙස ජලය නිකුත් කිරීම ජලය අපතේ යැවීමක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.