Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය ගැන අලුත්ම හෙළිදරව්ව
    Featured

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය ගැන අලුත්ම හෙළිදරව්ව

    By LFNAugust 15, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයක් සඳහාම විශේෂඥ වෛද්‍යවරු සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය ඉවත් කළ හැකි බව විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

    එමෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය මානව සම්පත ද මෙරට තුළ ඉතා අවම මට්ටමක පවතින බව එම වාර්තා මඟින් සඳහන් කර ඇත.

    ජාතික විගණන කාර්යාලය මඟින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙහිදී අදාළ විගණනය මඟින් පෙන්වා දී ඇත්තේ ඕනෑම වසංගතයකට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් සෞඛ්‍ය ආයතනවලට බඳවා ගත යුතු බවය.

    ජනගහනයේ ව්‍යාප්තිය අනුව ප්‍රමාණවත් වෛද්‍ය නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පත් කළ යුතු වුව ද සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සඳහා මානව සම්පත්වල අඩුපාඩු පැවති බව එම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවය සඳහා බිම් මට්ටමේ වෛද්‍ය කාර්යය මණ්ඩල අත්‍යවශ්‍ය වන අතර මෙරට බිම් මට්ටමේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉතා අවම මට්ටමක පැවති බව සඳහන්ය.

    කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල, යන දිස්ත්‍රික්ක මෙරට ඉහළ ජනාකීර්ණ දිස්ත්‍රික්ක වුව ද අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අධීක්ෂණ මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන්, මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ප්‍රමාණවත් පරිදි මෙම දිස්ත්‍රික් සඳහා අනුයුක්ත කර නොතිබුණු බව ද එම වාර්තාව පෙන්වාදෙයි.

    මීට අමතරව කොළඹ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශවලට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර සහකාරවරුන් අනුයුක්ත කර නොමැති බව සඳහන්ය.

    ගම්පහ සහ මාතලේ දිස්ත්‍රික්කවලට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් අනුයුක්ත කර නොමැති බව පෙන්වාදෙන එම වාර්තාව මේ හේතුවෙන් වසංගත ව්‍යාප්තියක දී සෞඛ්‍ය සුරක්ෂිත බව පවත්වාගැනීම අපහසු බව ද සඳහන් කළේය.

    මෙරට තුළ විශේෂඥ වෛද්‍ය තනතුරු 35ක් පැවතිය ද එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල විශේෂඥයින් නොමැතිවීම සහ ප්‍රමාණවත් නොවීම ද නිරීක්ෂණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.