Author: LFN
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපති ධුරයට ජයන්ත විජේරත්න මහතාගේ නම නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දන්වා යවා තිබේ. ජයන්ත විජේරත්න මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවය හිටපු විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හිටපු සභාපති බී විජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මෙම පුරප්පාඩුව ඇතිවී තිබුණි.
පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ පිටකොටුවේ රෙදිපිළි අලෙවිසැල් ඇතුලු වෙළෙඳසැල් රැසක් පරීක්ෂාවට ලක් කළේය. එහිදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් 3කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත්තේ ය. මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම් එම භාණ්ඩ නොමිලේ ලබා දිය යුතුය යන්න සමාජගත කිරීම මෙම වැටලීම්වල අරමුණ බවද එම වැටලීමට එක්වූ නිලධාරීන් වැඩිදුරටත් පැවසීය. පාරිභෝගික පනතට අනුව අලෙවියට තබා ඇති සෑම භාණ්ඩයකම මිල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු වෙයි. කෙසේ වෙතත් බොහෝ වෙළෙඳසැල් හිමියන් ඊට අනුගතවීමක් දක්නට නොලැබීම විශේෂත්වයකි.
සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අවම අගයකට පැමිණි අතර එමගින් පෝෂණය වන ගොවිබිම් වෙත මුදාහැරීම සඳහා සමනල වැවෙන් අතිරික්ත ජල ධාරිතාවක් මුදා හැරීම ඉකුත් 08 වනදා ආරම්භ වුණි. ඒ අනුව විදුලිය නිෂ්පාදනය කරමින්, දෛනිකව උපරිම ධාරිතාවයකින් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ බව විදුලිබල මණ්ඩලය…
දික්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේදීය. මියගොස් සිටින පුද්ගලයා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැස්මක් පැළඳ වෙඩි වැදී වැටී සිටියදී මෙලෙස හමුවී ඇත. මේ අතර මීට සුළු මොහොතකට පෙර තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ ඔහු සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවටය.
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව අවසන් කරීමට යෝජිත මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. මග නැගුමට සේවා සැපයු පුද්ගලික සමාගමක් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සමාගමට තවකාලික ඈවරකරුවකු පත්කරන ලෙසත් ගණන් බේරා වසා දමන තෙක් එම ඈවරකරු මගින් ගිණුම් පරික්ෂා කරන ලෙසත්ය. මෙම පෙත්සම සැප්තැම්බර් 14 වන දින යළි සලකා බැලීමට නියමිතය.
LPL තරගාවලියේ අද පැවති තීරණාත්මක තරගයෙන් කොළඹ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ගාල්ල කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය. ඊ තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් ලකුණු ලබාගැනීමේ වේගයත් හේතුවෙන් ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පැමිනියේය. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම සමග ගාල්ල කණ්ඩායම තරගවදිනු ඇති. මෙම පරාජයත් සමඟ කොළඹ කණ්ඩායමට මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 74ක් පමණි. අගනා පන්දු යැවීමක නිරත වූ Tabraiz Shamsi ලකුණු 20කට කඩුලු 4ක් දවාගත් අතර සීක්කුගේ ප්‍රසන්න කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ලහිරු කුමාර කඩුලු…
චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ එම සමාගම සැප්තැම්බර් 20 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරන බවය. එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.
ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද බලාපොරොත්තු ඉටුවී නැතැයි සමීක්ෂණයකින් හෙළිවේ.
ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු යැයි මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය යැයි සියයට 34 ක් පවසන බවත් එම ආයතනය කියයි. ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේය. අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම්…
යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු ජාත්‍යන්තරයේ අවධානය යොමුකර ගැනීමට යාපනයේ පුංචි කිල්මිෂාට හැකියාව ලැබී තිබේ. මේ දිනවල කාගෙත් කතා බහට ලක්ව ඇති කිල්මිෂා මේ වනවිට 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කිල්මිෂා සහභාගී වු සුප්‍රකට ඉන්දීය රියැලිටි ප්‍රසංගයකදී ඇයගේ ගායනය විනිසුරුවන්ගේ දෑස් කඳුළින් තෙත් කිරීමට සමත්වුණි. එම ප්‍රසංගයේ විනිසුරුවරුන් ලෙස ඉන්දියොවේ සංගීත ශිල්පීන් සහ ගායකයින් රැසක් සහභාගී වී සිටියහ. ඉතා සුන්දර අයුරුන් ගායනේ නියැලුණු කිල්මිෂා ඉන් අනතුරු විනිසුරුවන්ට පවසා සිටියේ, තමන් ශ්‍රී ලාංකිකයෙක් බවය. තමිල්නාඩුවේ පැවති රියැලිටි ප්‍රසංගයේ දී තරග කිහිපයකින් ජයග්‍රහණය හිමිකර ගත් කිල්මිෂා මේ වනවිට ලංකාවේ රසිකයින්ගේ හදවත් ද සොරා ගෙන අවසන්ය. වයස අවුරුදු 3 සිට ගීත…