Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»වියට්නාම – ශ්‍රී ලංකා සබඳතා පුළුල් කෙරෙයි
    Political

    වියට්නාම – ශ්‍රී ලංකා සබඳතා පුළුල් කෙරෙයි

    By LFNAugust 19, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබේ.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපතිවරයා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවකදීය.

    චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාමයේ උප ජනාධිපති ‘ට්‍රාන් ලු ක්වාං’ මහතා අතර හමුවක් පවත්වා තිබිණි.

    එහි දී දෙරට අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳ සොයාබලන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමකට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

    තේ, පොල්, රබර්, ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමුවූ බව වාර්තා වෙයි.

    එමෙන්ම දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීම, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමට ඉවහල් වන බැවින් බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට වියට්නාමය සිය එකඟතාව පළකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.