Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්
    Featured

    පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්

    By LFNAugust 19, 2023No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ (18) මාධ්‍යට පැවසීය.

    නාමයෝජනා හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලඥායන් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිවී ඇති බවත් ඒ හේතුවෙන් නාමයෝජනා පිළිබඳව හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එදිරිමාන්න මහතා කීය.

    තවද මැයි 9 වැනි අරගලය අවස්ථාවේදී විනාශයට පත්වූ ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළ වෙනුවෙන් වන්දි ලැබීම පිළිබඳව ගැටලු ඇති බවත් එම ගැටලු ද ඉක්මණින් විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

    එම ඉල්ලීම් පිළිබඳව දැඩි අවදාන යොමු කර හැකි ඉක්මණින් විසඳුමක් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩි දුරටත් පැවසීය.

    ජනාධිපති කාර්යාලයේදී ඊයේ (18) පැවැති එම විශේෂ සාකච්ඡාවට පළාත් පාලන නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එහි මහ ලේකම් නීතිඥා සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ද සහභාගි වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.