Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF කොන්දේසි ගැන අලුත් කතාවක්
    Featured

    IMF කොන්දේසි ගැන අලුත් කතාවක්

    By LFNAugust 21, 2023No Comments2 Mins Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කරගත් කොන්දේසිවලින් සියයට 35ක් පමණක් සම්පූර්ණ කර ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

    IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීම සඳහා එම ආයතනය විසින් හඳුන්වාදුන් වැඩපිළිවෙළට අනුව මේ බව අනාවරණය වී තිබේ.

    මේ වසරේ ජූලි මාසය වන විට එම වැඩසටහනේ සියයට 57ක කොන්දේසි ඉටු කළ යුතුව තිබුණ ද ඉටුකර ඇත්තේ සියයට 35ක් පමණක් බව වෙරිටේ රිසර්ච් පෙන්වාදෙයි.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉදිරියට යමින් පවතින්නේ මූල්‍ය අරමුදලට එකඟවූ කාලසීමාවන් අනුව නොවන බව එම ආයතන සඳහන් කරයි.

    සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන පළමු සමාලෝචනයට පෙර සියයට 71ක කොන්දේසි ශ්‍රී ලංකා රජය විසින් ඉටු කළ යුතු වන බැවින් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී මසකට කොන්දේසි 18 බැගින් ඉටු කිරීමට රජයට සිදුව ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මඟින් පෙන්වාදෙයි.

    කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කොන්දේසිවලින් සියයට 80ක් පමණ මේ වන විටත් ඉටු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

    “අපිට තිබුණ අභියෝගාත්මක එකඟතාවයන් අපි බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණ කරගෙන තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ඉතාම හොඳින් මේ දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් අධ්‍යයනය කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ තියෙන අභියෝගාත්මක එකඟතාවයන් අපි ඉෂ්ට කරගත්ත ප්‍රමාණය 80%ට එහා. අපිට පොඩි කාලයක් තියෙනවා. ඒ කාලෙට අනිත් ටිකත් අපි විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා දෙවැනි වාරිකය ලබාගන්න කිසිදු ගැටලුවක් ඇති වෙන්න ඉඩක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.