Author: LFN

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි. අද (18) පෙරවරු 11.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙන්ම පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති. පළාත් පාලන මැතිවරණය කල්යාම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් තම සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. මැතිවරණය කල්යාම හේතුවෙන් නාමයෝජනා ලබාදුන් හිටපු පළාත්…

Read More

කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණි. ඒ සඳහා බොදු බැතිමතුන් පිරිසක් ද එක්විය. ඒ අතරතුර කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් කර තිබුණි. එහිදී අදාළ පිරිස හා භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුණි. අනතුරුව පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර මේ වනවිට කැරලි මර්දන ඒකකයද කැඳවා තිබේ.

Read More

වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වී වගාවට සිදුව ඇති හානි සම්බන්ධයෙන් පූර්ණ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ නිකුත් වීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය. මේ අතර, වියළි කාලගුණයෙන් දිවයින පුරා බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, අද (18) දිනය වන විට දිස්ත්‍රික් 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බවයි. මේ අතර, පළාත් කිහිපයක හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල තවදුරටත් වියළි කාලගුණයක් පවතින…

Read More

නාරාහේන්පිට ප්‍රදේශයේ ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සමග එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සමග පිලීපන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. පසුව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට ලැඟුම්හල වෙත මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ද රුපියල් ලක්ෂ 07ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විදේශගතවී සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය රැගෙන යාම සඳහා පැමිණ ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇති බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පිලිපීන ජාතිකයා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට…

Read More

දකුණු පළාත භීතියට පත්කරමින් මනූෂ්‍ය ඝාතන සිදුකරන ප්‍රධාන අපරාධකරුවෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ තංගල්ල පොලිස් බලප්‍රදේශයේදී මනුෂ්‍ය ඝතනයක් සිදුකළ වෙඩික්කරුවන් ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම සැකකරු විසින් බවය. අදාළ සැකකරු මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති, දැනට විදේශගතවී සිටින අම්බලන්ගොඩ දිල්ශාන් යන අයගේ ප්‍ර‍ධාන ගෝලයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වැටලීම සිදුකර තිබූ අතර සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත. දොඩන්ගොඩ පොලිස් වසමේ දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොාරටුව ආසන්නයේ දී සිදුකළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගැනුණි. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ 2023.08.15 වන දින තංගල්ල…

Read More

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අදත් (18) සිදුවූ බව වාර්තා වෙයි. සමගි ජන බලවේගය, කළුතර ආසන සංවිධායක අජිත්.පී.පෙරේරා මහතා විසින් මෙම අත්සන් ව්‍යාපාරය සිදුකර ඇත. වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට මෙම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී නිසි පරිදි සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි රජයට බල කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වී තිබේ. කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීන් සහ ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් ලේඛනයට අත්සන් තබන ආකාරය දැක ගන්නට ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Read More

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට හසුවීමෙන් විනාශවී ඇති බව වාර්තාවේ. ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබු අතර පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකයේ රථ ද යොමුකර තිබුණි. ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට යුද හමුදා කණ්ඩායමක් යොමු කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර ඊයේ පස්වරුවේ හඟුරන්කෙත නාරංමැඩිල්ල ප්‍රදේශයේ හටගත් ගින්නකින් අක්කර 10ක…

Read More

තායිවානය ගින්දර සමග සෙල්ලම් කරන බව චීනය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිවාන උප ජනාධිපතිවරයා අමෙරිකාවට පැමිණීම සම්බන්ධයෙන අදහස් පළ කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා ඇත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා තායිවානයට අවවාද කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය පාලනය කිරීමට තායිවානය ගන්නා ඕනෑම උත්සාහයක් පරාජයෙන් අවසන් වනු ඇති බවද චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත. තායිවාන ගැටලුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන බැවින් ඒ සඳහා කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවද ඔහු පවසා ඇත.

Read More

ජලය පිරුණු අනාරක්ෂිත වළකට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි. ඊයේ (17) මෙම සිසුන් එල්ලේ තරගයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙයි. එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටී 14 සහ 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුන් දෙදෙනා මියගොස් ඇත. මියගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු ගොඩගෙන ඇති අතර මෘත ශරීර වවිනියාව රෝහලේ තැන්පත් කර තිබේ. පූවරසන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. පාර්ලිමේන්තුවේ ගෘහපාලන අංශය පිළිබඳ 2023 ජුලි 30 වනදා සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කොට ඇති බවත් මේ වනවිටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව දැනුම් දී තිබේ. මේ වනවිට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කොට ඇත. එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන්…

Read More