Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නියඟය හේතුවෙන් රට වටේම සිදුවූ මහ විනාශය
    Featured

    නියඟය හේතුවෙන් රට වටේම සිදුවූ මහ විනාශය

    By LFNAugust 23, 2023No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි.

    වගා හානියෙන් ගොවීන් 41,402 ක් අගතියට පත්ව තිබේ.

    වැඩිම බලපෑම් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,286 කට විනාශ වී ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 27,904කි.

    දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය.

    එම කලාපයේ කුඹුරු අක්කර 14,667 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 5,867කි.

    වී වගාවට පමණක් සෙසු බෝග වගාවන්ටත් වියළි කාලගුණය දැඩි බලපෑම් එල්ලකර තිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය, ඕකන්දයාය සහ බුකැන්දයාය ආදී ප්‍රදේශවල වසර 25 ක් 30 ක් පැරණි ගම්මිරිස් වගාවන් මෙලෙස විනාශයට පත්ව ඇත්තේ, ජලය නොමැතිවීමෙනි.

    මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හීරලුගම ගම්මානයේ වැව සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති අතර ඉන් පෝෂණය වූ ගොඩ බෝගවගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.

    මේ අතර ජල සම්පත් මණ්ඩලය පවසන්නේ, පවතින වාතාවරණය යටතේ ළිංවල ජල මට්ටම් සහ එහි ගුණාත්මකභාවය අඩුවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

    එසේම උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට දියවර සපයන මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද පවතින වියළි කාලගුණය හමුවේ සැළකියයුතු ලෙස පහළ යමින් තිබේ.

    මෙවැනි පසුබිමක රටේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා විෂයභාර අමාත්‍යාංශ 3 ක් ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.

    අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබුණි.

    මේ අතර පවතින මෙම කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනය 18% දක්වා පහළ බැස ඇතැයි විදුලි ඉංජිනේරුවන් පවසයි.

    ඊයේ දිනයේ මෙරට ගිගාවොට් පැය 49.6 ක විදුලි ධාරිතාවක් නිපදවා ඇති අතර ඉන් 63.8% ක්ම නිපදවා ඇත්තේ තාප විදුලි මූලාශ්‍රවලිනි.

    තාප විදුලි නිෂ්පාදනය ඉහළයාම නිසා දෛනිකව ඒ වෙනුවෙන් රුපියල් කෝටි 160 ක් දැරීමට සිදුව ඇති අතර ඒ අනුව දෛනිකව දැරීමට සිදුව ඇති වියදම අමෙරිකානු ඩොලර් මිලියන 5 කි.

    පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ඉදිරියට පැවතියහොත් මෙම වියදම ඉහළ යා හැකි බව විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙයි.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පළාත් කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය කෙරෙහි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.