Author: LFN

තායිවානය වටා මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපය තුළ චීනය හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. ඒ, එවැන්නක් සිදුකරන බවට චීනය විසින් මීට පෙර අවවාදාත්මක ස්වරූපයකින් තායිවානය වෙත දන්වා තිබූ පසුබිමකය. තායිවාන උප ජනාධිපතිවරයාගේ නිව්යෝර්ක් සංචාරයට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම හමුදා අභ්‍යාසය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබේ. පොලිස් අත්අඩංගුවට පත්වූ පෙම්වතුන් දෙදෙනා එළඹෙන 21ක් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය. මෙම යුවළ ඊයේ උදෑසන කුරුණෑගල පොලිස් වසමේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදුපිළිමය නැරඹීමට පැමිණ තිබුණි. පොලිසිය පැවසුවේ, දෙදෙනාගේ පළමු හමුව වූ ඊයේ තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවය. පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබුණි. මෙය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලීසියට දන්වා ඇති අතර කුරුණෑගල නගරසභා සේවකයින්ගේ සහායෙන් ගින්න මැඩපවත්වනු…

Read More

වැඩ තහනමට ලක්වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මතය. වෛද්‍ය රුහුල් හක් විසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබුණි. ඔහු එම පරීක්ෂණ සිදුකර තිබුණේ වැඩ තහනමට ලක්කර සිටි පසුබිමකය.

Read More

LPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සමත් විය. ඒ ඊයේ (19) පැවැති ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම සහ ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම අතර තරගයෙන් ‘ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම ලකුණු 34 කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ‘බී ලව් කැන්ඩි’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස්කළේය. දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමංග ලකුණු 38ක් රැස්කරගත්තේය. ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලීසිය වාර්තා කරයි.

Read More

කුමන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පත්වුවද චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසනීය මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. චීන සංචාරය අතරතුර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ගෝලීය ආර්ථීක, දේශපාලන හා ආරක්ෂක අර්බුදයන් හමුවේ දැවැන්ත නායකත්වයක් ලබාදී ඇති බවය. චීනයේ සංචාරයක නිරත අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට (18) එක්වී තිබුණි.

Read More

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු විසින් බ්‍රිතාන්‍යය සහ පෝලන්තය යන රටවල රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඒ අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද පැමිණිලි 07කට අදාළව විමර්ශන සිදුකර ඇත. එම සැකකරු ඊයේ (18) වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි සුදිත් කසුන් මාරගේ නමැති පුද්ගලයෙකි. මේ අතර මෙම පුද්ගලයාට එරෙහිව නාරහේන්පිට පොලීසියටද පැමිණිලි 14ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මෙම සැකකරු විසින්…

Read More

කුලී පදනම මත ලබාගත් වාහන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කුලී පදනම මත පාණදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන, ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෝටර් රථ 02ක් ද සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සිදුකළ විමර්ශනවල දී අලෙවි කරන ලද හා උකස් කරන ලද තවත් මෝටර් රථ 02ක් මෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් සොයාගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා දඹුල්ල හා කල්එළිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය පොළොන්නරුව ප්‍රදේශයේ…

Read More

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්තාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩන‍යක් යටතේ ජලය සැපයෙන බවයි. වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්විය හැකි බව අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා පැය18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල…

Read More