Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්
    Hot News

    IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

    By LFNAugust 23, 2023No Comments1 Min Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවය.

    “අපේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නායකත්ව මට්ටමේ ඉන්න සමාජිකයින් ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලුවා නමුත් අපි තේරුම් ගන්න ඕනේ පණිවුඩය තමා තාමත් රජය විශ්වාස කරනවා නම් වෘත්තීකයින් විදියට මේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරලා අපේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව‍ කාපට් අස්සට දාලා මේ ප්‍රශ්නය වහලා දාන්න ඒකට මේ රටේ වෘත්තීයවේදීන් ඉඩදෙන්නේ නෑ. ඒ අපේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරන්න පාලකයින් උත්සාහ කළොත් එයට අවශ්‍ය නිසි උත්තර මේ වෙලාවේ දෙන්න අපි තීරණය කරලා තියෙනවා. සැප්තැම්බර් 14 වනදා IMF කණ්ඩායම එද්දි අපේ මේ විරෝධතා ක්‍රියාවලිය උපරිම තැනකට ගෙනියන්න.”

    විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ සාකච්ඡාව මෙතෙක් ලබා දී නොමැති බවය.

    “ආණ්ඩුව මෙතෙක් සමත්වෙලා නෑ මේ සඳහා ගන්න පිළිතුරු මොනවා ද කියලා ප්‍රකාශයට පත්කරන්න. විශේෂයෙන් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නේ කොහොමද කියන්න ආණ්ඩුවට තාම හැකියාවක් ලැබිලා නෑ. අපි ලෑස්තියි වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විදියට ආණ්ඩුවට දැනෙන විදියට මේ ප්‍රශ්නය කියන්න එන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.