Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හපුතලේ වෙඩි තැබීම ගැන ආන්දෝලනාත්මක තොරතුරක් එළියට
    Featured

    හපුතලේ වෙඩි තැබීම ගැන ආන්දෝලනාත්මක තොරතුරක් එළියට

    By LFNAugust 23, 2023No Comments2 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (22) සවස හපුතලේ පොලිස් වසම, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලීසිය වාර්තා කළේය.

    හෝටලය තුළට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, හෝටල් හිමිකරුවා සහ ඔහු සමඟ සිටි පුද්ගලයකු වෙඩි ප්‍රහාරයට ලක් වී තිබිණි.

    වෙඩි වැදීමෙන් හෝටල් හිමිකරු සමඟ සිටි පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර, හෝටල් හිමිකරු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත.

    මරණකරු වයස අවුරුදු 47ක් වූ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය වාර්තා කරයි.

    මේ අතර, මියගිය පුද්ගලයා මාතර මහාධිකරණයේ විභාග වූ නඩුවක සාක්ෂිකරුවකු බව අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කර ඇත.

    සිද්ධිය පිළිබඳ හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ පිළිබඳ අද (23) මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, මියගිය පුද්ගලයා 2005 වර්ෂයේ ගන්දර පොලිස් වසමේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ ව මාතර මහාධිකරණයේ සාක්ෂි ලබා දී ඇති බවයි.

    එසේ ඔහු ලබාදුන් සාක්ෂි මත නඩුවේ චූදිතයන් සිව් දෙනෙකුට අධිකරණය විසින් සිරදඬුවම් ද ලබා දී ඇත.

    ඒ හේතුවෙන් මියගිය පුද්ගලයාට ජීවිත තර්ජනයක් තිබී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    2005-07-23 වන දින මංගලෝත්සවයක් අවස්ථාවක දී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති අතර, එම අවස්ථාවේ 19 හැවිරිදි පුද්ගලයකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනයට ලක් ව ඇත.

    එම අවස්ථාවේ දී උක්ත මරණකරු ද එම ස්ථානයේ සිට ඇති අතර, මහාධිකරණය විසින් සාක්ෂි කැඳවූ අවස්ථාවේ, ඔහු එම සාක්ෂි ලබාදීම සිදුකර තිබේ.

    පසුව ඇතිවූ ජීවිත තර්ජන හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොලීසිය විසින් ඔහුට ගන්දර ප්‍රදේශ සීමාවේ දී ජීවිත ආරක්ෂාව ද සපයා ඇති බව වාර්තා වේ.

    ඒ අනුව මරණකරුට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලැබී තිබේ.

    ඝාතකයන් සෙවීම සඳහා පොලීසිය විසින් විමර්ශන කටයුතු අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.