Author: LFN

2023 ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් සංචිතය අද (21) නම් කෙරිණි. මෙම තරගාවලියේ නිල සත්කාරකත්වය පාකිස්තානය සතු වුවද ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් සහභාගී වන තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි. ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා දරයි. එහි අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ… ශුබ්මන් ගිල් විරාත් කෝලි ශ්‍රේයස් අයියර් ලෝකේශ් රාහුල් හාර්දික් පාන්ද්‍යා රවින්ද්‍ර ජඩේජා ජස්ප්‍රිට් බුම්රා කුල්දීප් යාදව් මොහොමඩ් සිරාජ් මොහොමඩ් ෂමී ඉෂාන් ක්‍රිෂන් ශ්‍රාදුල් ථකූර් අක්ෂා පටෙල් සූර්යකුමාර් යාදව් තිලක් වර්මා ප්‍රසිධ් ක්‍රිෂ්ණා අතිරේක ක්‍රීඩක – සංජු සැම්සන්

Read More

බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ එම රෝහලේ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. 33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය.

Read More

හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. මේ අතර රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මෙම වසංගත රෝගී තත්ත්වය හඳුනා නොගත් එකක් බවත් ඒ පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවත්ය. එම වසංගත රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පියවරක් වශයෙන් බන්ධනාගාරය තුළ මුඛ ආවරණ භාවිතා කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ. ඒ අනුව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 50 කි. අගෝස්තු මස 17 වනදා ඊට අදාළ වාරිකය බංග්ලාදේශ මහ බැංකුව වෙත ලැබී ඇති බව වාර්තාවිය. බංග්ලාදේශය විසින් 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් වෙත ලබාදුනි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්නකරන අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් “හරක් කටා”ගෙන් සහ සලිදු ගුණරත්න නොහොත් “කුඩු සළිඳු”ගෙන් අද (22) දින ප්‍රකාශ ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට ඊයේ (21) අවසර ලබාදුනි. ඒ, විමර්ශන අවශ්‍ය පරිදි තුලනය කිරීමට එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක් රුපියල් කෝටි 13ක මුදලක් ඉල්ලූ බවට “කුඩු සළිඳු” කොටුව මහෙස්ත්‍රාත්වරයාට ලබාදී ඇති රහස් ප්‍රකාශයට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේදීය.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳෙකු ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව මියගිය බවට අවිස්සාවේල්ල ප්‍රදේශයේ මව්පිය යුවළක් චෝදනා කරයි. අවිස්සාවේල්ල, ඇපලපිටියේ පදිංචිව සිටි අට මස් වියැති ටෙෂාන් විදුනෙත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට අගෝස්තු 04 වැනිදා ඇතුළත් කර තිබුණි. වැඩිදුර ප්‍රතිකාර සඳහා ටෙෂාන් අගෝස්තු 05 වැනිදා මාරුකර ඒවා තිබුණේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටය. බිළිඳාගේ රෝගය නිශ්චිතව තහවුරු කර නොගෙන වෛද්‍යවරු අනුමානකළ කරුණු මත එහිදී ප්‍රතිකාර ලබාදුන් බවට මව්පියන් චෝදනා කරයි. ඒ අතරතුර ලබාදුන් නික්ෂේපණ ඖෂධයක් නිසා පුංචි ටෙෂාන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව මව්පියන් පවසයි. අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳු ටෙෂාන් පසුගිය 19 වැනිදා…

Read More

ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත්කළ ඖෂධයක් භාවිතයෙන් පසු රෝගීව මියගිය බවට පැවසුණු කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21) පැවැත්වුණි. ඔසුසැලින් ලබාදුන් ඖෂධය භාවිතයෙන් පසු ඇතිවූ සංකූලතා මරණයට බලපෑ හේතු අතර වන බව ඇයගේ මරණ පරීක්ෂණ චාර්තාවේ සඳහන්ව තිබුණි.

Read More

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය. වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. ඔහු රත්මලාන අරලිය නිවාස හි පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ. මියගොස් ඇති පුද්ගලයා වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලේ සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩිප්‍රහාරයට ලක්ව ඇත. මෘත දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.

Read More

කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැති බවත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතුව එය බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසයි. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ යෝජනා පිළියෙල කරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඔහු ඒ බව සඳහන් කළේය වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගෙන විදෙස්ගත වන පුද්ගලයින්ගෙන් උපාධිය සඳහා රජය වැය කළ මුදල කොටස් වශයෙන් හෝ යළි අය කරගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් පැවසීය.

Read More