Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ ඉහළ යෑමට හේතුව ගැන විශේෂ අනාවරණයක්
    Featured

    අපරාධ ඉහළ යෑමට හේතුව ගැන විශේෂ අනාවරණයක්

    By LFNAugust 26, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ නඩු විභාග කල්යෑම වර්තමානයේ සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමට හේතු වී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා,

    “සංවිධානාත්මක අපරාධ කියන එක ප්‍රවර්ධනය වෙලා ඒක සමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධයක් කරන අයට ඉදිරියට ඇවිල්ලා අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන්න සාමාන්‍ය පුරවැසියෝ බයයි. එවැනි ප්‍රශ්න ගොඩක් තියෙනවා නීති ක්‍රමයේ. නඩු කල්යෑමෙන් සංවිධානාත්මක අපරාධ මෙන්ම නඩු විනිශ්චය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා.”

    එමෙන්ම එහි දී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, වසර තුනක් තුළ ගිනි අවි 4,837ක් අත්අඩංගුවට ගත් බවත් එයින් 4,040ක්ම බෙහෙත් කොටන තුවක්කු නම් ගිනි අවි බවත්ය.

    සංවිධානාත්මක වෙඩි තැබීම් සඳහා යොදා ගන්නා ගිනි අවි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, එකම ගිනි අවිය අවස්ථා කිහිපයක දී යොදාගෙන ඇති බවය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,

    “නීති විරෝධි ගිනි අවි භාවිතයක් අපි මේ දවස් ටිකේ නිරීක්ෂණය කරනවා පසුගිය වසරේ සහ මෙම වසර තුළ.
    වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදී ක්‍රියා පැවතුණා. අතුරුඵල විදියට පුද්ගලයින් අතට ගිනි අවි පත්වුණා. මුහුද හරහා මත්ද්‍රව්‍ය ලංකාවට ළඟා වෙනවා. එවැනි අවස්ථාවල ගිනි අවි ලංකාවට ඇතුල් වෙනවා. තංගල්ල ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ, නඩු භාණ්ඩයක් වූ ගිනි අවියක්. අපරාධකරුවන්ට රිසි ලෙස ගිනි අවි භාවිත කරන්න බැහැ. එකම ගිනි අවිය අවස්ථා කිහිපයකදී යොදාගෙන. නීති විරෝධි ගිනි අවි අපරාධකරුවන් අතර භාවිත වෙනවා. වසර තුනට ගිනි අවි 4,837ක් අත්අඩංගුවට ගත්තා එවාගෙන් 4,040ක්ම බෙහෙත් කොටන තුවක්කු. ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන නිකුත් කළා148ක්. එයින් 42ක්ම මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ. නමුත් පවතින පැරණි නීති ක්‍රමය අභියෝගයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.