Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කොටු වූ සැප රිය
    Featured

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කොටු වූ සැප රිය

    By LFNAugust 25, 2023No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය භාරයට ගැනීමට ගැලනිගම රථවාහන පොලීසිය සමත්ව තිබේ.

    මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ සිට පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයකි.

    කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 9.2 ප්‍රදේශයේදී පොලීසිය විසින් සුඛෝපභෝගී ජිප් රථය නැවත්වීමට සංඥා කිරීමත් සමග එහි සිටි සැකකරුවන් රථය අතහැර දමා පළාගොස් තිබේ.

    එහිදී සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

    ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි රථයේ හිමිකරු එය විකිණීම සඳහා සූදානම් කර තිබේ.

    ඒ අනුව රථය පැහැරගත් සැකකරුවන් එය මිලදීගන්නා මුවාවෙන් එහි ගොස් අනතුරුව එහි හිමිකරුට පහරදී රථයෙන් බිමට ඇද දමා මෙලෙස ජිප් රථය පැහැරගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.

    මේ අතර රථය සොයාගන්නා අවස්ථාව වනවිටත් එහි නිත්‍යානුකූල ලියාපදිංචි අංක වෙනස්කර තිබූ බවද පොලීසිය පවසයි.

    එසේම පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එක්වරම ජිප් රථය හඳුනාගැනීම අපහසු වන අයුරින් එහි බොනට්ටුව මත ස්ටිකරයක්ද අලවා තිබූ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.