Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝහල්වල කටයුතු අර්බුදයට
    Featured

    පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝහල්වල කටයුතු අර්බුදයට

    By LFNAugust 25, 2023No Comments2 Mins Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, දිවයින පුරා සියලු රජයේ රෝහල්වල ඊයේ (24) උදෑසන 08 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.

    ඒ, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවලට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් නවතා දැමීම සහ අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගනිමින් වෘත්තිය සමිති මර්දනය කිරීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල්කරගනිමිනි.

    වර්ජනය සඳහා විකිරණ, රසායනාගාර සේවා, ඖෂධවේදී, භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක යන වෘත්තිය සංගම් 5 එක්වී තිබේ.

    හෙට උදෑසන 08 දක්වා ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් සියලුම රජයේ රෝහල්වල රෝගී සත්කාරක සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමක් බව වාර්තා වෙයි.

    වැඩවර්ජනය හේතුවෙන් පළාත් රෝහල් ඇතුළු සෙසු රෝහල්වල ප්‍රතිකාර කටයුතු ද අකර්මණ්‍ය වී තිබුණු බව සඳහන්ය.

    කෙසේ වෙතත් මාතෘ, ළමා, පිළිකා සහ වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවූ බව වාර්තා වේ.

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, පරිපුරක වෛද්‍ය වෘත්තිකයන් ආරම්භ කර ඇති වර්ජනය සාධාරණ බවයි.

    වර්ජනය නිසා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා අවධාරණය කරයි.

    මේ අතර, මෙලෙස වර්ජනය ක්‍රියාත්මක වන අතරවාරයේ තම ඉල්ලීම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණියේය.

    මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකරමින් දිවයින පුරා අත්සන් දසලක්ෂයක් ගැනීමේ සමගි ජන බලවේගයේ මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ මාළිගාවත්තේ දී සිදුකෙරිණි.

    එසේම, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ සියලු ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු බව සඳහන්ය.

    එහි දී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ, රට තුළ ඖෂධ අවශ්‍යතාව කාර්යක්ෂමව සපුරාලීම සහ ඖෂධ හිඟය අවම කිරීමට ඒ හා සම්බන්ධ සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරන ලෙසයි.

    මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූල්‍ය ගැටලු බොහෝ දුරට විසඳී අවසන් බවත් අයවැයෙන් අනුමත මුදලට වඩා රුපියල් බිලියන 65ක් ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.