Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»උපාධි සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා විදේශ රටවලට
    Local News

    උපාධි සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා විදේශ රටවලට

    By LFNAugust 26, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව වාර්තා වේ.

    මේ වනවිට වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවල දී විදෙස්ගත වන බව වාර්තා වී ඇත.

    කෙසේ වෙතත් දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ පවතින තත්ත්වය හමුවේ යළි ‍දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බව සඳහන්ය.

    වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ ද පසුගිය දා සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.

    කෙසේ වෙතත් පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.