Author: LFN

විදේශ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, “කිසිම විදේශ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ජාතිවාද කෝලහාල සම්බන්ධයෙන් අපිට කිසිම තොරතුරක් මේ වෙනකොට ලැබිලා නෑ. මේක බොහොම වගකීමෙන් මම කියනවා. ඒ වගේම විවිධ කටකතා ෆේස්බුක් ඒ වගේම තොරතුරු මත කියන තොරතුරුවලට හැමතිස්සෙම අපිට උත්තර දිදී ඉන්නත් බෑ. ඒක නිසා මම මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට කරුණු…

Read More

ආණමඩුව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය. අනතුර සිදුව ඇත්තේ ආණමඩුව පරමාකන්ද මංසන්දිය ආසන්නයේදීය. මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් ඉස්සර කර යාමට උත්සාහ කළ ලොරියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථවල බරපතළ තුවාල ලබා සිරවී සිටි රියදුරන් පිටතට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ආණමඩුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය භාරයට ගැනීමට ගැලනිගම රථවාහන පොලීසිය සමත්ව තිබේ. මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ සිට පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයකි. කෙසේ වෙතත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 9.2 ප්‍රදේශයේදී පොලීසිය විසින් සුඛෝපභෝගී ජිප් රථය නැවත්වීමට සංඥා කිරීමත් සමග එහි සිටි සැකකරුවන් රථය අතහැර දමා පළාගොස් තිබේ. එහිදී සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසයි. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචි රථයේ හිමිකරු එය විකිණීම සඳහා සූදානම් කර තිබේ. ඒ අනුව රථය පැහැරගත් සැකකරුවන් එය මිලදීගන්නා මුවාවෙන් එහි ගොස් අනතුරුව එහි හිමිකරුට පහරදී රථයෙන් බිමට ඇද දමා මෙලෙස ජිප් රථය පැහැරගැනීමට කටයුතු…

Read More

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රතිපත්ති පොලී අනුපාත සමග බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා අයකෙරෙන සාමාන්‍ය පොලී අනුපාත අඩුකිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පෙරේදා රැස්වූ මුදල් මණ්ඩලයේ තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “අපි දැනුම්දීලා තිබුණා ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරන ආකාරයට සහ මුදල් පතිපත්ති ද්‍රවශීලතාවය වැඩිවෙන ආකාරයට බලාපොරොත්තු වෙනවා වෙළෙඳපොළ පොලී අනුපාතත් අඩුවෙයි කියලා නමුත් අපි හිතපු තරමටම අඩුවෙලා නැත්නම් අපි ඒ වෙලාවෙත් ප්‍රකාශ කළා යම් ආකාරයක නියාමනය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න සිද්දවෙයි කියලා ඒ අනුව…

Read More

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත් කර තිබේ. අදාළ චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගත් මුදල්, රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවා අවසන් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබිණි. ඒ අනුව ඉකුත් නඩු දිනයේ දී සක්විති රණසිංහ මහතා රුපියල් ලක්ෂ 50ක මුදලක් අධිකරණය හමුවේ තැන්පත් කළේය. ඒ අනුව නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ දී එහි දෙවන වාරිකය වන තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් විත්තිකරු විසින් අධිකරණය…

Read More

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනමා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි. මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන් හී අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම

Read More

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දිවයින පුරා සියලු රජයේ රෝහල්වල අද ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් රැසක් පීඩාවට පත්වී තිබේ. වර්ජනය නිසා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසැල්වලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.වීජේසූරිය මහතා, “පරීක්ෂණ කරන්න සහ ඖෂධ ලබාදෙන්න තමයි ගැටලුවක් ඇති වෙන්නේ. කෙසේවෙතත් ළඟපාත ඔසුසැල් තිබෙනවා නම් ඒ ඔසුසැල්වලින් ඖෂධ ලබාගන්න පහසුකම් සපයනවා. ඉතාමත් හදිසි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා ඒ අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ බාහිර පෞද්ගලික ස්ථානයකින් ඉටුකරගෙන එම මුදල් රජය මගින් ගෙවීම සඳහා කටයුතු කරනවා.” මේ අතර මෙලෙස වර්ජනය…

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා, “කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයකට පත්වෙලා. වාහනවලින් පිටවෙන දුම තමයි මේකට සියයට 60ක 70ක දායකත්වයක් දරන්නේ. පාරේ වාහනයක් දුම දාගෙන යනවා නම් මහජනතාවට පුළුවන් ඒකේ ෆොටෝ එකක් අපිට වට්ස්ඇප් කරන්න. ඒ වගේම අපි ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෘෘප් එකක් හදනවා.…

Read More

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි. මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය. සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

Read More