Author: LFN

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) එහි තවත් සේවකයකුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසෙයි. පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මෙසේ වැඩ තහනම් කරනු ලැබූවේ එම දෙපාර්තමේන්තුවේ ගෘහපාලන සහයකයකුගේය. මෙම සේවකයා ලිංගික හිංසා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට සහායදී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම පියවර ගෙන ඇත. ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා මීට පෙර වැඩ තහනම් කරනු ලැබීය. පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ නියමයෙන් නිලධාරිනියන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිද්ධිය…

Read More

ලෝක දේශපාලනික වර්ධනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස සැළකෙන 2006 වසරේදී පිහිටුවූ ‘බ්‍රික්ස්’ හවුලේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ගතයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් ඊයේ (25) යොමු කර තිබේ. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල් එක්ව ‘බ්‍රික්ස්’ හවුල පිහිටුවූ බවත් ‘බ්‍රික්ස්’ සන්ධානයේ වර්තමාන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාව එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් එම පියවර ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බූදයෙන් මිදීම සඳහාත්, ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීමේ වාසිය උපයෝගී කරගනිමින් ආර්ථික සමෘද්ධිය ලඟා කරගැනීම සඳහාත් බෙහෙවින් උපකාරි වනු ඇති…

Read More

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව…

Read More

බලශක්ති ක්ෂේත්‍රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා සහාය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එහි මෙරට අධ්‍යක්ෂ ‘තකෆුමි කදානෝ’ මහතා සඳහන් කරන්නේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යළි නගා සිටුවීම සඳහා පුර්ණ සහාය ලබාදීමට සූදානම් බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ ඊයේ (25) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදානෝ මහතා මේ බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි සහාය අඛණ්ඩ ව ලබාදෙන අතර, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කර ඇත. අර්බුදයෙන්…

Read More

සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය. ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (25) පෙරවරුවේ පැවති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කියා සිටියේය. ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

Read More

පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලය පැවසුවේ බටහිර වෙරළ තීරය ආශ්‍රිතව මෙම කැස්බෑ මරණ වාර්තා වී ඇති බවය. ඊයේ (25) දිනයේ ද මියගිය කැස්බෑවුන් සිව් දෙනෙකුගේ සිරුරු ගාලු මුවදොර, පානදුර සහ වැල්ලවත්ත යන වෙරළ තීරවල තිබී සොයාගෙන තිබුණි. මීට පෙර හික්කඩුව ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බූ සිරුරු 2ක්, බෙල්ලන්විල කලාපය ආශ්‍රිත ගාලු මුවදොර ඇතුළු වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 07ක් සහ මුතුරාජවෙල කලාපය ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 09ක් ද සොයාගෙන තිබූ බව බස්නාහිර පළාත් වනජීවි කාර්යාලය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වනජීවී…

Read More

මෙරට නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ නඩු විභාග කල්යෑම වර්තමානයේ සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමට හේතු වී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා, “සංවිධානාත්මක අපරාධ කියන එක ප්‍රවර්ධනය වෙලා ඒක සමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධයක් කරන අයට ඉදිරියට ඇවිල්ලා අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන්න සාමාන්‍ය පුරවැසියෝ බයයි. එවැනි ප්‍රශ්න ගොඩක් තියෙනවා නීති ක්‍රමයේ. නඩු කල්යෑමෙන් සංවිධානාත්මක අපරාධ මෙන්ම නඩු විනිශ්චය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා.” එමෙන්ම එහි දී අදහස් දැක්වූ පොලිස්…

Read More

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක නිරත විය. එය පැවැත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දීය. නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පරෙුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්ඡාව පවත්වා තිබිණි. ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බවත් ඊට එරෙහිව ගත යුුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බවත් වාර්තා වේ. එහි දී අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

Read More

රත්‍රං හා ජංගම දුරකථන නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේ දී රේගු භාරයට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, ආචාර් ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන්නැයි ආණ්ඩු පක්ෂය කථානායකවරාගෙන් ඊ (25) ඉල්ලීමක් කළේය. මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම පිළිබඳ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය. එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම සම්බන්ධ වාර්තාව මන්ත්‍රි මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වාර්තාවට 06 දෙනෙකු පණක් අත්සන් කර ඇති බවත් අනෙක් 06 දෙනාගේ මතය එහි නැති බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරු කර තිබෙන බවත්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් වේ. මේ අතර, පවතින වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් පවසා ඇත.

Read More