Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විගණනයෙන් එළියට ආ ජාතික අපරාධයක්
    Featured

    විගණනයෙන් එළියට ආ ජාතික අපරාධයක්

    By LFNAugust 29, 2023Updated:August 29, 2023No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු, දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ සවිකළ පද්ධති එකසිය අසූ අටකින් අනූ හතරක්ම මේවන විටත් අක්‍රීය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.

    ඒ අනුව, ඊට වැය කළ රුපියල් මිලියන පන්සියයක මුදල අපතේ ගොස් ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.

    මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46න් 34ක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

    එහෙත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95%ක්, එනම් රුපියල් මිලියන 1003ක මුදලක් ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන්ව තිබීමත් විශේෂත්වයකි.

    ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු බොහෝමයකට හේතුව දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂිත ගේට්ටු නොමැතිවීම මෙන්ම විදුලි සංඥා සහ සීනු සක්‍රීය නොවීමෙන් බවට වාර්තා වෙයි.

    මීට අමතරව තවත් මාර්ග ආරක්ෂණ පද්ධති 10ක් නිසි පරිදි අත්හදා බැලීම් සිදුකර දුම්රිය දෙපාර්තාමේන්තුව වෙත බාර දී නොතිබූ බවද අනාවරණය කර තිබේ.

    මෙම විමර්ශනයේ හෙළිකර ඇති අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙරට දුම්රිය සේවය වසර 160 කට ආසන්න කාලයක් පැරණි වුවත් 2022 වසරේදී නියමිත පරිදි වේලාවට ධාවනය වී ඇත්තේ මුළු දුම්රිය ගමන් වාරවලින් 28% ක් පමණක් වීමය.

    එනම් 72%ක්ම දුම්රිය නියමිත පරිදි ධාවනය වී නොමැත.

    මෙලෙස දුම්රිය සංඥා පද්ධති සම්බන්ධව විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සම්බන්ධ විශේෂ වාර්තාවක් ජාතික විගණන කාර්යාල විසින් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.