Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ මැඩලීම සඳහා නව දත්ත පද්ධතියක්
    Featured

    අපරාධ මැඩලීම සඳහා නව දත්ත පද්ධතියක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අවධාරණය කරයි.

    ‘සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පොලිසියේ කාර්යභාරය’ මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,

    ”පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මේ රටේ වෙච්ච හැම සංවිධානාත්මක අපරාධයකම, ඒවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ගෙම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක අවශ්‍යතාව අපට පෙනී ගියා. අපිට දත්ත පද්ධතියක් තියෙනවා. නමුත් එහි අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම නිසා තමයි ඒවට සම්බන්ධ පුද්ගලයින්ට පොලීසියේ පරිපාලනයෙන් එහෙම නැත්තං පොලීසියේ අධිකාරියෙන් මිදිලා රටේ තැං තැංවල සැඟවිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස තුන ඇතුළත අංග සම්පූර්ණ ඩේටා බේස් එකක්. මේ අයගේ ඥාතීන්, මේ අය නවාතැන්ගන්න ස්ථාන සියලු සුළමුල ඇතුළත්. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගෙන තියනවා දැං. කවු ද මේ රටේ පහුගිය අවුරුදු 10 තුළ සංවිධානාත්මක අපරාධ වැඩ කරපු සංවිධානාත්මක අපරාධකරුවෝ, ඒ අයගෙන් කවු ද ව්‍යාජ පාස්පෝට් හදාගෙන රට ගිහිල්ලා තියෙන්නේ. ඒ සෑම කෙනෙක් සම්බන්ධවම ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගෙන ඒ අයව ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු කරනවා. පහුගිය අවුරුදු පහ තුළ මේ රටේ සිද්ධ වෙච්ච සංවිධානාත්මක අපරාධවලින් නොවිසඳුණු තත්ත්වයේ ඒවා විශේෂයෙන් බස්නාහිර පළාත සහ දකුණු පළාත. හැම එකක් සම්බන්ධයෙන්ම යළි ඉන්වෙස්ටිගේෂන් එහෙමත් නැත්තං විමර්ශන පටං ගත්තා. අපි අඳුරගෙන තියනවා බන්ධනාගාරගතව ඉන්න දැනට අපරාධ මෙහෙයවන පුද්ගලයො කවුද කියලා. මේ අයට ප්‍රිසන් එක ඇතුළෙ ඉඳලා ඉවර වෙලා හෑන්ඩ් ෆෝන් එකෙං අපරාධ මෙහෙයවන්න තියන අවකාශය මුළුමනින්ම නැතිකරන්න ඉදිරි මාස කිහිපය තුළ අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියනවා’

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202603 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.