Author: LFN

පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ බස්නාහිර කලාප කාර්යාලය පැවසුවේ බටහිර වෙරළ තීරය ආශ්‍රිතව මෙම කැස්බෑ මරණ වාර්තා වී ඇති බවය. ඊයේ (25) දිනයේ ද මියගිය කැස්බෑවුන් සිව් දෙනෙකුගේ සිරුරු ගාලු මුවදොර, පානදුර සහ වැල්ලවත්ත යන වෙරළ තීරවල තිබී සොයාගෙන තිබුණි. මීට පෙර හික්කඩුව ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බූ සිරුරු 2ක්, බෙල්ලන්විල කලාපය ආශ්‍රිත ගාලු මුවදොර ඇතුළු වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 07ක් සහ මුතුරාජවෙල කලාපය ආශ්‍රිත වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 09ක් ද සොයාගෙන තිබූ බව බස්නාහිර පළාත් වනජීවි කාර්යාලය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වනජීවී…

Read More

මෙරට නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ නඩු විභාග කල්යෑම වර්තමානයේ සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමට හේතු වී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ද අල්විස් මහතා, “සංවිධානාත්මක අපරාධ කියන එක ප්‍රවර්ධනය වෙලා ඒක සමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සංවිධානාත්මක අපරාධයක් කරන අයට ඉදිරියට ඇවිල්ලා අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන්න සාමාන්‍ය පුරවැසියෝ බයයි. එවැනි ප්‍රශ්න ගොඩක් තියෙනවා නීති ක්‍රමයේ. නඩු කල්යෑමෙන් සංවිධානාත්මක අපරාධ මෙන්ම නඩු විනිශ්චය පිළිබඳ විශ්වාසය බිඳ වැටිලා.” එමෙන්ම එහි දී අදහස් දැක්වූ පොලිස්…

Read More

ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ මන්ත්‍රවරු පිරිසක් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සමඟ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක නිරත විය. එය පැවැත්වුණේ, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දීය. නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පරෙුම, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර මෙම සාකච්ඡාව පවත්වා තිබිණි. ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බවත් ඊට එරෙහිව ගත යුුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කළ බවත් වාර්තා වේ. එහි දී අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

Read More

රත්‍රං හා ජංගම දුරකථන නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේ දී රේගු භාරයට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, ආචාර් ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන්නැයි ආණ්ඩු පක්ෂය කථානායකවරාගෙන් ඊ (25) ඉල්ලීමක් කළේය. මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම පිළිබඳ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය. එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීම සම්බන්ධ වාර්තාව මන්ත්‍රි මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, වාර්තාවට 06 දෙනෙකු පණක් අත්සන් කර ඇති බවත් අනෙක් 06 දෙනාගේ මතය එහි නැති බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ තුළින් නීතිපති දෙපාර්තමේන්තුව අවතක්සේරු කර තිබෙන බවත්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් වේ. මේ අතර, පවතින වියළි කාලගුණය හමුවේ ඇතිවිය හැකි විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් පවසා ඇත.

Read More

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසට මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම්දෙයි කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ දැනුම්දීම සිදුකළේය. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව කථානායකවරයා එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව…

Read More

තලංගම, රොබට් ගුණවර්ධන මාවතේ, කොරාඹේ ප්‍රදේශයේදී අද (25) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී අදාළ පුද්ගලයා මියගොස් ඇත. වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 44 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකි.

Read More

රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධ බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 25 ) පැවසීය. මෙය බරපතළ අවදානම් තත්වයක් බවද ඔහු කීවේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි. සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය. රටපුරා බොහෝ රෝහල් වල නිර්වින්දන ඖෂධ නැහැ.නුවරඑළිය රෝහල ඊට උදාහරණයක්.ශල්‍යකර්ම කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තව කාලය නැහැ. ශල්‍යකර්ම නතරවීම සම්බන්ධයෙන් රජය දෙන විසඳුම කුමක්ද.

Read More

බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Read More

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත අතර එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.

Read More