Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අද (28) දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අද සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී…
පවතින නියං තත්ත්වය මෙරට දියර කිරි නිෂ්පාදනයෙන් දෙවන ස්ථානය ගෙන සිටින වයඹ පළාතේ කිරි නිෂ්පාදනයටත් දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි. දැඩි අව් රෂ්මිය හමුවේ ගවයන්ට ආහාර සඳහා සුදුසු තෘණ භූමි වියැළී ගොස් ඇති අතර, කිරි ගොවීන් පවසන්නේ, ඉදිරි සතිවල දී නියං තත්ත්වය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ අඩු විය හැකි බවයි. සාමාන්‍යයෙන් මෙරට කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 1,250 ඉක්මවන අතර ඉන් සියයට 18කට වැඩි දායකත්වයක් සැපයෙන්නේ වයඹ පළාතෙනි. පසුගිය ජූලි මාසයේ වයඹ පළාතේ දියර කිරි නිෂ්පාදනය කිරි ලීටර් 156,000ක් ලෙසට සටහන් වුවත් ඉදිරි සතිවල දී නියඟය උග්‍ර වුවහොත් දියර කිරි ප්‍රමාණය සියයට පනහකින් පමණ…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ඉර පායන…
‘චන්ද්‍රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි. හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්‍යා’ Aditya-L1 යනුවෙනි. හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්‍රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්‍යා L1’ යානයේ අරමුණය. ‘ආධිත්‍යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්‍රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි. ‘ආධිත්‍යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්‍රාන්ජ් ලක්ෂයේ සිටය. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ…
2024 අයවැය සදහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය හෙට (28) සිට ලබන මස 10 වනදා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ඒ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ අදාළ සාකච්ඡා සිදුකරන බවයි. කෙසේ නමුත් මෙවර අය-වැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටි සහනාධාරය, වකුගඩු රෝග සහනධාරය, සමෘද්ධි සහ අස්වැසුම ඇතුළු ප්‍රතිලාභ හිමිවිය යුතු පුද්ගලයන් සදහා පළමු අදියරේ සියලු දීමනා එළැඹෙන සතියේ සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.…
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නියාමන අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවරා ගැනීමට කටයුතු කළහොත් එය මෙරට උසස් අධ්‍යාපනයේ අවසානය බව එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කෝප් කමිටුවේදී කරුණු දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීමේ නියාමන බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගැනීමෙන් පසු එහි නියාමනයක් සිදුනොවන බවය. “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන වෙලාවේදී ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරලා අවසානයේදී තමයි ඒ ආයතනවලට උපාධියක් පිරිනමන්න අවස්ථාව ලංකාව තුළ ලබාදුන්නේ.” “නමුත් අවාසනාවකට 2012 දී ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලබාදී තිබූ බලතළ අතිවිශේෂ ගැසට්…
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව ඊයේ (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ. ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා…
කෙසෙල්වත්තේ මාටින් පෙදෙසේදී පසුගිය 30 වනදා “පොඩි කවී” නමැත්තා ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ පොලීසිය පරිහරණය කරන ගිනි අවියකට සමාන අවියක් බවට පොලීසිය සැක පළකරයි. ඒ, අදාළ වෙඩිතැබීම සිදුකළ 20 හැවිරිදි තරුණයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරන ගත් කරුණු අනුවය. ජීව උණ්ඩ 20ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ ගිනිඅවිය පොලීසිය විසින් කඩවත ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබියදී සොයාගෙන ඇත. එම ගිනිඅවියේ රහස් අංකය මකා ඇති බව ද පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද පොලිසිය සොයාගෙන තිබේ. එම ගිනිඅවිය ගනේමුල්ලේ සංජීව නැමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව…
ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි. රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක සිටි චීන ජාතිකයෙකු පසුගිය 19 වනදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය නිවස පිරිසක් විසින් කොල්ලකෑ බව පවසමිනි. පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය. එය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි. එම…
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී මියගොස් තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද දෙරණට ප්‍රකාශ කළේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව (27) පරීක්ෂණයක් පවත්වන බවය. එතෙක් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.