Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අද (28) උදෑසන කඳාන දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ලොරියේ බදේ දුම්රිය ගැටී ඇති බවය. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
ලබන වසරේ (2024) අයවැය සඳහා අමාත්‍යාංශවල වියදම් යෝජනා සම්බන්ධ සමාලෝචනය (28) සිට ලබන සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මෙවර අයවැය යෝජනාව අභියෝගාත්මක එකක් වනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරු සහ ඒ ඒ අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19 ක පවුල් 84646කට අයත් 291720 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. දැඩි නියඟය හේතුවෙන් තවදුරටත් වැඩිම බලපෑම උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23688 කට අයත් පුද්ගලයන් 75607 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18991 කට අයත් පුද්ගලයන් 63265 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින…
නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ඉඩම් ලබාදී ඇති බවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබූ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් වනජීවී දොර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නැවත ගැසට් කර තිබෙන බවටද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3065 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මඟින් ඉඩම් අක්කර 265ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කය…
මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක හදිස්සියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ඇති අතර මද වේලාවක දී ඇයට අසනීප වී…
මහනුවර නගර සීමාවේ රජයේ පාසල් (28) සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව 28, 29 සහ 31 යන දින තුන තුළ මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙන අතර සැප්තැම්බර් මස පළමුවනදා එම පාසල් විවෘත කෙරෙන බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. පාසල් නිවාඩු ලබාදෙන දින වෙනුවට ඉදිරි සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසීය. ලබන සතියේ නිවාඩු ලබාදෙන…
අමෙරිකාවේ ෆ්ලොරිඩා හි සුදු ජාතිකයෙකු සිදුකළ වෙඩිතැබීමකින් කළු ජාතිකයින් තිදෙනෙක් මිය ගොස් තිබේ. වර්ගවාදය පදනම් කරගෙන සිදුකර තිබූ එම වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සහ එක් කාන්තාවකි. වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 20ක් පමණ වන සුදු ජාතික තරුණයා ද පසුව සිය දිවි නසාගෙන තිබුණි. වෙඩිතැබීම සිදුව තිබුණේ ප්‍රාන්තයේ කළු ජාතික විශ්වවිද්‍යාලයක් ආසන්නයේ ය. වෙඩික්කරු කිසියම් සංවිධානයක සාමාජිකයෙකු ද යන්න පිළිබඳව විමර්ශන සිදුකෙරෙමින් පවතී. මෙම වසර තුළ අමෙරිකාවේ සිදුකළ වෙඩිතැබීම්වලින් මිය ගිය පිරිස 28,000කි.
වවුනියාව, උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති කෝවිල් වෙන්දේසියේ දී අඹ ගෙඩියක් රුපියල් 162,000 ක මුදලකට වෙන්දෙසී වී තිබේ. මෙම වෙන්දේසිය (26) සවස පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙනි. වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් විසින් එම අඹ ගෙඩිය මිල දී ගත් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් එම වෙන්දේසිය පවත්වා තිබේ. උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියන් අවධාරණය කළේ ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමියන්, “අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවලට, එක එක බලවේගවලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ ගොල්ලෝ ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා…
වගා කටයුතුවලදී හානිකර කෘමීන් විනාශ කිරීම සඳහාත් අස්වනු ඉහළ නැංවාගැනීම සඳහාත් ගොවීන් විවිධ රසායනික පළිබෝධනාශක භාවිත කරයි. එවැනි පළිබෝධ නාශකවල ප්‍රමිතිය හා යෝග්‍යතාව පිළිබඳව සමීක්ෂණ පවත්වනු ලබන්නේ ”ජාත්‍යන්තර පළිබෝධනාශක ක්‍රියාකාරි ජාලය” විසිනි. කෙසේ වෙතත් එම ජාලය 2022 වසරේදී ”අධි අන්තරායකර” සහ ”වගාවන් සඳහා භාවිතයට නුසුදුසු” ලෙස නම් කර ඇති පළිබෝධනාශක වර්ග 40ක් තවමත් මෙරට වගා සඳහා යොදාගන්නා බවට පරිසර යුක්ති කේන්ද්‍රයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් දිස්ත්‍රික්ක 09ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ඒ සමහර පළිබෝධ නාශක ඇතැම් රටවල තහනමට පවා ලක් කර ඇති ඒවා වීම විශේෂත්වයකි. නමුත් විමතියට කරුණ නම් මෙම රසායනික පළිබෝධනාශක 40 මෙරට භාවිතයට සුදුසු බවට 2016 නොවැම්බර්…