Author: LFN

පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මෙම ජ්‍යෙෂ්ඨයින් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දුමින්ද දිසානායක මහතා බව ද වාර්තා වේ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ සරත් ඒකනායක මහතා ද මෙම තනතුර සඳහා දැඩි උනන්දුවකින් පසුවන බව වාර්තා වේ. දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබුව ද එම තනතුරේ වැඩබැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය. ඒ අනුව එම ධුරයේ වැඩ ආරවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More

රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇත. රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබු අතර සිරුරේ ස්ථාන කිහිපයක තුවාල දක්නට ඇති බවය. මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වෙන බවද පොලීසිය පැවසීය. අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ. එම සාදය අතරතුරදී ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවටත් වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව ඊයේ (18)…

Read More

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි. ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “මේ රටේ මහාමාර්ග හදලා වැඩ භාගෙට නතර කරපුවා මේකට ගෙවන්න මුදල් නැතුව කොන්ත්‍රාත්කරුවෝ විශාල අසීරුතාවයකට පත්වුණ වෙලාවක්. මේ මුදල ඉක්මනින් ගෙවලා දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වෙනවිට ගෙවීමට තිබුණා, මිලියන 180.9ක් මම එනකොට.…

Read More

සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගය පක්ෂය පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බවය. “ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේ දී පාර්ශව කිහිපයක්ම අධිකරණයට ගිහින් ප්‍රති ත්‍රස්ත පනත සුදුසු නැති බව කිව්වා. ඒ වගේම ලෝක සංවිධාන රාශියක් මේක කිව්වා. ඉන්පසුව නැවත වරක් ඒක සංශෝධනය කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ තාම ගැසට් කරාට. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ දවස් 14ක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. කෙසේවෙතත් අපිට තාම සංශෝධිත පනත ලැබිලා නෑ. සංශෝධනය…

Read More

ගොතටුව IDH ජලාපවහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ. අඩි 16ක් පමණ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ. යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇදවැටී අනතුර සිදුව තිබුණි. පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ. ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. සිද්ධියට මුහුණදුන් පියා, “පාර අතන වහලා නෑ. අපි ගියා අඩි 16ක් ඇතුළට. මෙයාව අල්ලගෙන ආවා කොහොම…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් බාරයට පත් කළේය. එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මහාඅධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාල තුන් මහල් ගොඩනැගිල්ල සහ ඉඩම කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය යටතට පත් කරන ලෙස මහාධිකරණය නියෝග කොට තිබුණි. ඒ අනුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ නිසි අවසරයක් නොමැතිව එම දේපොළ කිසිවකුටත් පැවරීම, විකිණීම හෝ වෙනයම් කටයුත්තක් සඳහා යොදා ගැනීම එහි හිමිකරුට නොහැකි වනු ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින්…

Read More

රත්මලාන ඥානේන්ද්‍ර පාරේ නිවසක සිටි සංවිධානාත්මක අපරාධකරුවකු ගේ සමීපතමයකු නිවසින් පිටතට රැගෙන විත් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට යොදා ගත් ගිනි අවිය සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය සැඟවීම සඳහා ආධාර අනුබල දුන් බව කියන ලංකා මානව හිමිකම් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු පයාගල බිංදු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එම සැකකරුවන් තිදෙනා සමග තුර්කියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් , ජීව උන්ඩ හතක් , පතොරොම් ගැබක් ,අත් විලංගු දෙකක් , කිණිස්සක් ජංගම දුරකථන දෙකක්,…

Read More

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන කැපවීම ද පැසසුමට ලක් කළේය. එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය. දේශගුණික විපර්යාස…

Read More

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සිදුකළ පිහි ඇනුමක් සහ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර තිබේ. මෙම පිහි ඇනුම සිදුකර ඇත්තේ කැන්බරා නුවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය තුළදීය. මෙලෙස පිහි ඇනුමට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන සිසුවියන් දෙදෙනකි. එහිදී පහරකෑමට ලක්වූ 34 හැවිරිදි වියේ පසුවන අයකුද රෝහල්ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ අතර පිහි ඇනුමට ලක්ව රෝහල්ගතකර ඇති සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද වැඩිදුරටත් වාර්තාවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුනොවීමට වගබලා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබේ. වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී කැලෑ එලිකිරීම සහ එහි සේවයේ නියුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවන හිරිහැර වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එම පොරොන්දුව ලබාදීම සිදුකෙරුණි. එම පෙත්සම ඊයේ (18) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාඹරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන කැළෑ හෙළිකිරීම් ඇතුළු නීතිවිරෝධී…

Read More