Author: LFN

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර…

Read More

පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට තීරණය කර තිබූ විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 50 සිට 200 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට නියමිතය. බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023.02.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. එහෙත්, එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කරගනිමින් එකී බස් රථ මගින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකිවන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා මෙලෙස ඉහළ…

Read More

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ ගැඹුරින් සැලකිල්ල යොමුකරන ලෙස සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරමින් එම නිවේදනය නිකුත් කර ඇත. මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙමින් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මෙවැනි භයානක තත්ත්වයක් ඉදිරියේ දේශපාලන නාටක පසෙකලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන ලෙස කතෝලික සම්මේලනය බලධාරීන්ගේ ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Read More

ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව සයිනොපෙක් සමාගම පවසයි. හොංකොං හිදී මාධ්‍ය අමතමින්, තම සමාගමේ ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් එහි සභාපති Yu Baocai ඒ බව පැවසීය. අපනයනය අරමුණු කරගෙන හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය සඳහා සයිනොපෙක් සමාගම සහ වයිටෝල් සමාගම මූලික වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තෝරාගෙන තිබේ. එසේම ලබන මාසයේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ කටයුතු ආරම්භ කිරීමටද සයිනොපෙක් සමාගම සූදානම්ව සිටියි.

Read More

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබේ. එහෙත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළැඹීම එකී ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින්…

Read More

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් ලැබී තිබේ. ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ය. ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන…

Read More

එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටි සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පක්ෂ දෙක සමගි කිරීමේ අභ්‍යන්තර සාකච්ඡාවල නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ප්‍රසිද්ධියේම දෙපාර්ශවයටම චෝදනා එල්ල කරගත්ත ද මේ වන විට එම ප්‍රකාශවල කිසියම් අඩුවීමක් දක්නට ලැබෙන බව දේශපාලන විචාරකයින් පවසයි. පාර්ශව දෙක එකතු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශවය මුලික වී කටයුතු කළ ද මේ වන විට සමගි ජනබලවේග පාර්ශවයේ බොහෝදෙනෙකු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටී. කෙසේවෙතත් දෙපාර්ශවයේම සිටින සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ විරෝධීන් පක්ෂ දෙක එකතු වීම සම්බන්ධයෙන් බියෙන් පසුවන බව ද වාර්තා වේ. එම නිසා…

Read More

පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවය. “අපි බලාපොරොත්තු වෙනවා මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරනවා. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින්ගේ එකක් අපි බලාපොරොත්තුවෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. හදලා මේ විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුැරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් දරුවන් බේරා ගැනීමට වෙනමම බලකායක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටේ දරු පරපුර ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් ඊසි කෑෂ් වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවනුත් ගිලගෙන ඇති බවට නාගරික හා ගම්බද පාසල්වලට යන විට මාපියන් පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. පාසල් පද්ධතයෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත් ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය කොළඹදී රැස් වූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කලේය.

Read More

සිය දියණියට උසුළු විසිළු කිරිම සම්බන්ධයෙන් කෝප වි තරුණයෙකුගේ පපුවට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවකු ඊයේ (28) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි සැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් මෙන්ම ඔහුට නවාතැන් දුන් කුළුපග මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ ග්‍රෑන්ඩ්පාස් දෙවැනි නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි පරමානන්දන් දිනේෂන් 21 තරුණයායි. සැකකරු තිදරු පියකු වන අතර ඔහු දෙවැනි නවගම්පුර ප්‍රදේශයට පිටස්තරයකු වන අතර නිවසක් කුලී පදනම මත ලබාගෙන එම ප්‍රදේශයේ පදිංචිව සිටින බව පොලීසිය කියයි.

Read More