Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාම යවා යළි වැඩට ගෙන්වූ වෛද්‍යවරුන්ට තවමත් සතපහක් නෑ
    Featured

    විශ්‍රාම යවා යළි වැඩට ගෙන්වූ වෛද්‍යවරුන්ට තවමත් සතපහක් නෑ

    By LFNSeptember 20, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැනීමෙන් පසුව සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් හට මෙතෙක් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලබා දී නොමැති බව එම වෛද්‍යවරුන් පවසයි.

    රටේ පවතින සමස්ථ බුද්ධිගලනය හේතුවෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට දැඩි බලපෑමක් එල්ලවීම හේතුවෙන් වෛද්‍යවරුන් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කළේය.

    එහෙත් එම වෛද්‍යවරුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ට තවත් වසර 02ක් කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරතවීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.

    ඒ අනුව මේ වසරේ විශ්‍රාම යෑමට නියමිතව සිටි විශේෂඥ වෛද්‍යවරු 60 දෙනෙකුගෙන් 53 දෙනෙකු විශ්‍රාම ගොස් ඇති අතර 07 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි නැවත සේවයට බැඳී තිබේ.

    වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම විශේෂඥ වෛද්‍යවරුන් 07 දෙනාටද මේ දක්වාත් වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන නොමැති බවය.

    මෙම වෛද්‍යවරුන් 07 දෙනා අතරට උපදේශන රුධිර පාරවිලයන විශේෂඥයින් දෙදෙනෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, උපදේශන වෛද්‍යවරයෙක්, ප්‍රසව සහ නාරි වෛද්‍යවරයෙක් සහ නිර්වින්දන වෛද්‍යවරයෙක් ඇතුළත් වෙයි.

    විශ්‍රාම යෑමෙන් පසු යළි සේවයට වාර්තා කළ හෝමාගම රෝහලේ ජ්‍යේෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා පැවසුවේ මේ හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවයකට මුහුණපෑමට සිදුව ඇති බවය

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් අද දෙරණ විමසීමක් කළේය.

    එහිදී ඔහු සදහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දී ඇතත් ඔවුන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබා දී නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.