Author: LFN
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කර තිබේ. ඌව සහ නැඟෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ලොව ධනවත්ම මිනිසා වන ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ගේ නවෝත්පාදන සමාගම නියුරලින්ක්, දැන් නව අදියරයකට පිවිස ඇති බව වාර්තා වේ. ඒ අංශභාගයෙන් අප්රාණික ව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සඳහා අවසර හිමි වීමත් සමඟයි. මිනිස් මොළයට ආගන්තුක කෘත්රීම මෙවලමක් සවිකිරීමේ අවදානම නිසා ඒ සඳහා මෙතෙක් අවසර හිමි වූයේ නැත. නියුරලින්ක් අධ්යයනය සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ, කොඳුඇට පෙළට සිදු වූ හානියකින් අප්රාණික වූ හෝ අත් පා අප්රාණික වීමේ රෝගයට ගොදුරු වූ රෝගීන්ටයි. එම අධ්යයනය සම්පූර්ණ කිරීමට වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරේ. අධ්යයනය සඳහා තෝරාගන්නා රෝගීන්ගේ…
සූර්ය බලශක්ති ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කර තිබේ. එමෙන්ම පෙත්සම්කාර සමාගමට මාසයක් ඇතුළත විදුලි ව්යාපෘතිය සඳහා අවශ්ය බලපත්ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සුනිත්ය බලශක්ති අධිකාරියට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සූර්ය බලශක්ති ව්යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තමන් කළ ඉල්ලීමට බාධා සිදුකරමින් ඊට අනුමැතිය නොදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ බවට පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ වව්නියා සෝලා පවර් ප්රයිවට් ලිමිටඩ් නමැති සමාගමක් විසිනි. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරියට එරෙහිවය. එම සමාගම පවසන්නේ සූර්ය බලශක්ති ව්යාපෘතියක් ආරම්භ…
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත්කර තිබෙනවා. මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්ය ප්රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුළු ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමය. මාර්ගගත ක්රමය ඔස්සේ ශ්රී ලංකාවේ පුරවැසියෙකු වරදක් සිදුකරන අවස්ථාවකදී, රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් සිදුවේ නම් කවර ස්ථානයකදී සිදුකරනු ලැබුව ද පනතේ විධිවිධානවලට අනුව පියවර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙයි. මෙලෙස මාර්ගගත…
ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ඉරාන ජනාධිපති ආචාර්ය එච්.ඊ. සයීඩ් ඊබ්රහීම් රයිසි මහතා හමු වී තිබේ. නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සමගාමී ව මෙම හමුව පැවැත්වී ඇත. නායකයන් දෙදෙනා සුහද සාකච්ඡාවක නිරත වී ඇති අතර, ශ්රී ලංකාවට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ කළ ආරාධනය ඉරාන ජනාධිපති ආචාර්ය එච්.ඊ. සයීඩ් ඊබ්රහීම් රයිසි මහතා පිළිගත් බව ද වාර්තා වේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහි චෝදනා එල්ල කරන ඔස්ට්රේලියානු කාන්තාව අතර පළමු හමුවේ සීසීටීවී දර්ශන ඊයේ (20) ප්රථම වරට මාධ්යයට නිකුත් කර තිබිණි. අත්අඩංගුවට ගත් පළමු දිනයේ ධනුෂ්ක පොලීසියට ප්රකාශ කර ඇත්තේ, එම රැයේ දී ඇය තමා ගේ පෙර භවය ගැන ද පැවසු බවයි. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි. ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ අද තුන්වැනි දිනටත් විභාග කෙරිණි. එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්රේලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්රකාශය අධිකරණයට ඇසීමට සලස්වනු ලැබිණි. එහි…
ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා දසුන් ශානක ශ්රී ලංකා පිලේ නායකත්වයෙන් ඉවත් කර ඒ සඳහා කුසල් මෙන්ඩිස් පත්කිරීමේ සූදානමක් ඇතැයි විවිධ ප්රචාර පැතිර තිබිණි. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ දීත් ශ්රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානක වෙත ම පැවරීමට ක්රිකට් තේරීම් කමිටුව ඊයේ (20) තීරණය කර ඇතැයි වාර්තා විය. දසුන් ගේ පෞද්ගලික දක්ෂතා දුර්වල මට්ටමක පැවතීම මත ඔහු ව නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට විවේචන එල්ල වූ අතර, තේරීම් කමිටුව මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඊයේ සහ අද පැවැත්වූ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් පසු ව බව සඳහන්ය. ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකයකු ලෙස සාර්ථක…
පාස්කු ප්රහාරය පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීම සඳහා එම ප්රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් යොදා ගැනීමෙන් සිදු වන්නේ, පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්රී ලංකා කතෝලික සභාව අවධාරණය කරයි. කොළඹ දී ඊයේ (20) කතෝලික සභාව පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිරිල් ගාමිණී පියතුමන් ඒ බව සඳහන් කළේය. පාස්කු ප්රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා ගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක් ව සිටියේය. එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන් ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව අද ශ්රී ලංකා…
මතුගම ප්රදේශයේදී JCB යන්ත්රයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්රාල විද්යාලයේ 8වන ශ්රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. මියගොස් ඇති පාසල් සිසුවා චෙස් පුහුණුවීම් නිමවී පාසලට යාබද ක්රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුර සම්බන්ධයෙන් JCB යන්ත්ර ක්රියාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර JCB යන්ත්ර ක්රියාකරු මතුගම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා අපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. ඒ අනුව ගංගාවල ජල මට්ටම අවධානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බව ද එම ඒකකය වැඩිදුරටත් නිවේදනය කර ඇත. මේ අතර, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි. නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්රදේශයෙන් සහ තලගහගොඩ ප්රදේශයෙන් මෙලෙස ඉහළ යමින් පවතී. එහි ජල මට්ටම ද මේ වනවිට අවධානයෙන් පසු විය යුතු මට්ටමක…