Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වව්නියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බවය. ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ. අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර එහි පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇත. ඊට අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පසුගියදා කටයුතු කර තිබුණි.
කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. ලංගම බස් රථය කාන්තන්කුඩි දෙස සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් බව ද පොලීසිය පවසයි. පෞද්ගලික බස් රථය එම දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර යෑමේ දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ, ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයකට ලක්වීම හේතුවෙන්. දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්වීම හේතුවෙන් තරඟාවලියට එක් නොවන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වූයේ ඛඡඛ තරඟාවලිය අතරතුරයි. ඒ අනුව ඔහුටද තරගාවලිය අහිමි වී තිබෙනවා. ආබාධයකට ලක්වූ ලහිරු කුමාරගේ සහභාගීත්වය ද තවමත් ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි. එවන් පසුබිමක් තුළ වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ද ආබාධයකට ලක්ව ඇතැයි මේ වන විට වාර්තා වනවා. එමෙන්ම කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය…
පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසී
අන් අයට බරක් නොවී ශ්‍රී ලංකාවට තනිව දියුණුවිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, “මම හිතන්නේ ශ්‍රී ලංකාවේ අපි තවදුරටත් අනුන්ගෙන් උදව් ඉල්ලන්න හිතන්න එපා. බොහෝ රටවල් කර ඇති පරිදි අපි එය තනිවම කරමු.”
කතරගම වෙඩිතැබීමක් වාර්තා වී තිබේ. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව එලෙස පැමිණ තිබූ බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ රෝහලක කළ සැත්කමක් අතරතුරදී ලොව පළමුවරට මිනිසෙකුගේ මොළය තුළ තිබී සජීවී පණුවෙකු හමුවී තිබුණි. මෙම සැත්කම සිදුකර ඇත්තේ එරට සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි. ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් වාර්තා වන මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ 64 හැවිරිදි කාන්තාවකි. ඇයගේ පූර්ව මස්තිෂ්කයේ හානිවූ පටක අතර තිබී මෙම රතු පැහැති පරපෝෂිතයා සොයාගෙන ඇත්තේ කැන්බරා හිදී පසුගිය වසරේ සිදුකළ සැත්කමක් අතරතුරදී ය. මෙසේ හමුවූ සෙන්ටිමීටර් 8ක් දිගැති ඔෆිඩස්කාරිස් රොබට්සි නමැති වට පණුවා මාස දෙකක පමණ කාලයක් ඇයගේ මොළය තුළ සිට ඇති බව වෛද්‍ය නිගමනය වෙයි. මෙම පරපෝෂිත විශේෂය ඔස්ට්‍රේලියානු විෂ රහිත කාපට් පිඹුරන්ගේ සිරුරේ බහුලව හමුවෙයි. පිඹුරන්ගේ මළපහවලින් දූෂිත වූ කොළ වර්ගයක් පිසීමෙන් තොරව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී ඇත. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරතවී තිබේ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත. ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන…
මහා පරිමාණ කොල්ල කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවය. සැකකරුවන් රටපුර පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථානවලට රාත්‍රී කාලයේ ඇතුලුවී මෙලෙස භාණ්ඩ සොරකමේ නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත. පූගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට ඇතුලුවී එහි භාණ්ඩ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් හලාවත – දැදුරු ඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පොලීසිය විසින් කුඩා ලොරි රථයක් සහ ඔවුන් සන්තකයේ තිබූ ලක්ෂ 10ක් පමණ වටිනා රෙදි තොගයක්, ගෑස් සිලින්ඩර් 27ක් සහ බීම බෝතල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් සහ…