Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැසට් කෙරේ
    Featured

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැසට් කෙරේ

    By LFNSeptember 21, 2023Updated:September 21, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මෙහි අරමුණු ලෙස දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම, ශ්‍රී ලංකාවේ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම ඇතුළු ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමය.

    මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වරදක් සිදුකරන අවස්ථාවකදී, රජයට හෝ මෙරට පදිංචි තැනැත්තෙකුට හානියක් සිදුවේ නම් කවර ස්ථානයකදී සිදුකරනු ලැබුව ද පනතේ විධිවිධානවලට අනුව පියවර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙයි.

    මෙලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පියවරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවීමට පනත් කෙටුම්පතින් යෝජිතයි.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පරිශීලකයන් හට සමාජ මාධ්‍ය වේදිකා සපයනු ලබන වෙබ් අඩවි, මෙම පනත යටතේ ලියාපදිංචි කළ යුතු වෙයි.

    නව පනතට අනුව මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රකෝප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කැරලි ගැසීමේ වරද සිදුකර ඇත්නම්, ප්‍රකෝප කළ තැනැත්තා අවුරුදු 05ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකටද, නැතිනම් ඒ දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

    මාර්ගගත ක්‍රමවේද භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් නිත්‍යානුකූලව සිදුවන ආගමික වැඳුම් පිදුම් කිරීමකට හෝ ආගමික පූජාවන්ට බාධා කරන්නේ නම් එවැනි තැනැත්තෙක් වසර 03ක් නොඉක්මන කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ දෙයාකාරයේම දඬුවමකට යටත් කළ හැකිය.

    ඉලක්කගත තැනැත්තෙකුගේ හෝ එම තැනැත්තාට සම්බන්ධ තැනැත්තෙකුගේ යම් පෞද්ගලික තොරතුරක් මාර්ගගත ගිණුමක් මගින් පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ තැනැත්තාට හිරිහැරයක් සිදුකරවන සිදුවීමකට වරදකරු කරනු ලැබු තැනැත්තෙකුට වසර 05ක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ 05 නොඉක්මවන දඩයකට යටත් කිරීමට මෙම නව පනත තුළින් ප්‍රතිපාදන සකස් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.