Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ කාන්තාවක අද පස්වරුවේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද දුම්රිය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය . මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට ආසන්නව අනතුර සිදුව ඇති බව සදහන් වේ. මියගිය කාන්තාව එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත්, 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක්…
ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇත. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය පළ විය.
රාජ්‍ය නොවන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන NGO සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බවය. මීට අමතරව මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙනුත් සොයා බැලීම් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය, “පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද…
ආසියානු කුසලාන තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රැසක් අත් වන බවය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වනදා පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භවීමට නියමිතව තිබේ. එහිදී තරග 4ක් පාකිස්තානයේ පැවැත්වෙන අතර ඉන්දු – පාකිස්තාන තරගය සහ අවසන් මහා තරගය ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලානයේ තරග රැසක් මෙරට පැවැත්වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට දැනටමත් ඉහළ ප්‍රතිලාභ ලැබී තිබේ.
ත්‍රිකුණාමලය, බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අත්හිටුවමින් මින් පෙර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඊයේ (28) තීරණය කළේය. ඒ එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සිදුකළ විරෝධතාවකින් අනතුරුවය. ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ නවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් ගෝකණ්නපුර සුරැකීමේ සංවිධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවට අද පැමිණ තිබුණි. එලෙස පැමිණි පිරිසට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලැබීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. පසුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රීකුණාමලය – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණි. පසුව…
විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක කෙරුණු, දුම්රිය හරස් මාර්ගවල විදුලි සංඥා පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ සවිකළ පද්ධති එකසිය අසූ අටකින් අනූ හතරක්ම මේවන විටත් අක්‍රීය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි. ඒ අනුව, ඊට වැය කළ රුපියල් මිලියන පන්සියයක මුදල අපතේ ගොස් ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය. මුහුදුබඩ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක් සහ පුත්තලම් මාර්ගයේ සවිකළ පද්ධති 46න් 34ක් ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් එම පද්ධති සඳහා වන මුළු මුදලින් 95%ක්, එනම් රුපියල් මිලියන 1003ක මුදලක් ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට ගෙවා අවසන්ව තිබීමත් විශේෂත්වයකි. ගෙවුණු මාස කිහිපය තුළ දුම්රිය හරස්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, ඊයේ (28) වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින්…
රජරට විශ්වවිද්‍යාලයේ පිහිණුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වූ සිසුන් 6දෙනෙකු අතුරින් එක් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස පිහිණුම් තටාකයට ඇතුළු වී ඇත්තේ කළමනාකරණ විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකි. අප කළ විමසීමක දී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි, සංජිවනි ගිනිගද්දර මහත්මිය සඳහන් කර සිටියේ, සිසුන් විසින් උපදෙස් පිළිනොපැද අනාරක්ෂිතව හැසිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මුරුහදාස් තිලක්සන් නමැති අවුරුදු 21ක කොකුවිල්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවා ඉතා කෙටි කාලයක් තුළ මිහින්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබේ. ඒ අනුව, එම තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ. ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති…