Author: LFN

අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තොරතුරු වාර්තා වන්නේ ඉන් මේ වනවිටත් රුපියල් මිලියන 714 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු සඳහා ගෙවා අවසන් බවටය. 2022 මාර්තු 31 දින සිට ජුලි 22 දක්වා අරගලය ක්‍රියාත්මක වූ කාලසීමාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස ඇතුළු දේපොළ ගිනි තබා විනාශ කෙරුණි. එලෙස දේපොළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය පියවර ගනු ලැබීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට මේ වනවිට හානි පූර්ණ වන්දි ලෙස ලබාදී…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ ඊයේ දෙවැනි දිනටත් විභාග කෙරුණි. එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අදාළ කාන්තාවගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබුවේ, ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතා විසිනි. ටින්ඩර් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන සිඩ්නි නුවර අවන්හලකදී හමු වී දෙදෙනා එක්ව මත්පැන් පානය කොට ඇයගේ නිවසට ගිය පසු තමන්ගේ කැමැත්තකින් තොරව ධනුෂ්ක ලිංගික ක්‍රියාවක නිරත වූ බවට ඇය චෝදනා එල්ල කර තිබුණි. කෙසේ වෙතත්, ධනුෂ්කට චෝදනා හතරක් එල්ල වූවත් මේ වනවිට එය එක් චෝදනාවකට සීමා වී ඇති අතර තමා ඊට නිවැරදිකරු බව ධනුෂ්ක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූයේ…

Read More

සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන ඇති බවය. කෙසේවෙතත් ඔහු නැවත එම මුදල් ලබාදීමක් හෝ අදාළ පුත්‍රයා විදෙස්ගත කිරීමක් සිදුකර නොමැත. පොලීසිය පැවසුවේ ඉන් උරණ වූ ව්‍යාපාරිකයා ඝාතනයට ලක් වූ පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසලදී පැහැරගෙන කටානේ පිහිටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙනවිත් සිය පුතුන් දෙදෙනා හා සේවකයන් තිදෙනෙකු සමග එක්ව පහරදී ඇති බවය.…

Read More

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවි වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමේ නිරත වන බවය. ඔහු ඒ සඳහා මුදල් ලබාගන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙළිවී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවය. අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී හෙළිවී…

Read More

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැමිණ සිටින රාජ්‍ය නායකයින්ව මීට සුළු මොහොතකට පෙර උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුවේදී දෙපාර්ශ්වය අතර ඵලදායී සාකච්ඡාවක් සිදුවූ බවය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී (USAID) සමන්තා පවර් අතර ද හමුවක් සිදුවී තිබේ. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මේ වනවිට ආරම්භ වී තිබේ.

Read More

ඊ (19) පෙරවරුවේ පියා සමග පාසල් යමින් සිටි සිසුවියක් IDH මංසන්ධියේ ප්‍රධාන මාර්ගය මැද තිබූ ගැඹුරු වළකට වැටී තිබුණි. ජලයෙන් පිරී තිබූ එම වළට වැටුණු ඔවුන්ව බේරාගනු ලැබුවේ අවට සිටි පිරිස් විසිනි. අනතුර සිදුවූ එම ස්ථානය පසුගියදා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතියක් සිදුකළ ස්ථානයකි. එම වළ සැදී තිබුණේ ඊට අයත් නලයක් අද අලුයම් කාලයේ පුපුරායාමෙනි. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් පෝට් සිටි ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නලයකි. මීට මාසයකට පමණ ඉහතදී එම ව්‍යාපෘතිය සිදුකර තිබුණේ, පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසිනි. පියා සහ දියණිය අද උදෑසන අනතුරට ලක්වීමට පෙර ලොරි රථයක්ද එම ස්ථානයේදී වළට වැටී ඇති අතර එය ගොඩට ගෙන තිබුණේ පොලිස්…

Read More

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඇමෙරිකාවේ නිව්යෝක් හි The Pierre ටාජ් හෝටලයේදී මෙම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමන්තා පවර් මහත්මිය සමග ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. වයඹ පළාතේත් මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලීසියට නියෝග කර තිබේ. වෙඩික්කරුවන් හඳුනාගැනීමට පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහාය ද ලබාගන්නා ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝග නිකුත් කර තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී දැනුම්දී ඇත. අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 02ක් එල්ල කිරීමේ…

Read More