Author: LFN
කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්ය නලීන් ප්රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150කි.
ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සෞඛ්ය අමාත්යාංශයේ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්, මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් – 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්යන්තර ප්රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්. ඉන්දියාවේ කේළර ප්රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම. මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා…
ජාත්යන්තර රතු නිවේදන ලබාගෙන සිටින අපරාධකරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරුමූණා” නම් අපරාධකරු, හංවැල්ල හරස් පාර ප්රදේශයේ වෙළෙඳසැලක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර එම අපරාධය මෙහෙයවීමේ චෝදනාව මත ලලිත් කන්නන්ගරට රතු නිවේදන ලබාගෙන තිබුණි. ලලිත් කන්නන්ගර නමැත්තා ප්රදේශයේ වෙළෙන්ඳන්ගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගන්නෙකු සහා මහපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු ද වන බව පොලීසිය පවසයි. ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටී.
ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව අලලා සැකසුණු ”එයිට් හන්ඩ්රඩ්” චිත්රපටය ඔක්තෝබර් 6 වනදා ලොව පුරා තිරගත විමට නියමිත අතර එම චිත්රපටය ශ්රී ලංකාවේදී ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් ඊයේ (21) පස්වරුවේ කොළඹදී පැවැත්විය. එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් මෙන්ම හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය. හිටපු ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන්, “මම ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ අර්ජුන අයියාට. ඒ කාලයේ ඉඳන්ම මාව තාත්තෙක් වගේ තමයි බලාගත්තේ. එයා හිටියේ නැත්තම් කඩුළු හෝ මෙතන ඇවිල්ලා කතා කරන්න පුළුවන් තත්වෙක මම ඉදියි කියලා හිතන්නේ නැහැ. එක කැප්ටන් කෙනෙක්වත් ඒ වගේ කරලා නැහැ. කරන්නත් බැහැ.” “ඇමතිතුමාට මං…
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ. මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්යස්ථානයේ හිමිකාරිය වූ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියා ප්රදේශයෙන් පළා ගොස් තිබේ. මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී ඇත. ළමුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ හෙරොයින් මත්ද්රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්රීම වේදනා නාශකයක් බවය. පසුව මෙම ළමා සුරැකුම් මධ්යස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී…
අසත්ය පැමිණිල්ලක් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පුද්ගලයෙකුට වන්දි ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් ඊයේ එම අසත්ය පැමිණිල්ල ගොනුකර තිබූ පුද්ගලයාට නියෝග කර තිබේ. පෞද්ගලික සමාගමක සේවකයෙකු වන කොළඹ 05 පදිංචි අයෙකු විසින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක් අවසානයේ අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලැස්වීම තුලින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අගතියට පත් පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙස එම අසත්ය පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට නියෝග කර ඇත. එම අසත්ය පැමිණිල්ල මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට රුපියල් 75000/- ද උප…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රටේ සියලු ජන කොටස්වලට ප්රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම සිය අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කය කරා ළගාවීමට ශ්රී ලාංකීය ජනතාවගේ සේම ජාත්යන්තර ප්රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහතින්, පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ සභාපති ලෙස පත් වූ ට්රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්යයේ ගරු ඩෙනිස් ෆ්රැන්සිස් මැතිතුමාට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමතියි. ඒ වගේම පසුගියදා ඇතිවූ ස්වභාවික ආපදා තත්ත්වයන්…
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබේ. දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුණේ, තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් නිකුත් කර ඇති බවය. එවැනි නිදහසට…
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්යාපන අමාත්යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් අධ්යාපන අමාත්යවරයා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්යවරයා, “2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024 මාර්තු, අප්රේල් පැවැත්වීමට සැලසුම් කරලා තියෙන 2023 අපොස සාමාන්ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 2023 උසස් පෙළ ප්රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේ දී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේ දී ප්රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී…