Author: LFN
වත්මන් ගැටලු පිළිබඳ දුම්රිය සාමාන්යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණි බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය නිවේදනය කර තිබේ. දුම්රිය රියදුරන්ගේ උසස් වීම් ගැටලුවට අදාළ යෝජනා රාජ්ය සේවා කොමිශන් සභාව වෙත ලබන සඳුදා දින යොමු කිරීමට එහි දී සාකච්ඡා වූ බව සඳහන්ය. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දූව මහතා පැවසුවේ, කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩල පත්රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසයි. වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්යාංශ එක් ව එම කැබිනට් පත්රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්යවරයා සඳහන් කර තිබේ. වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ රමේෂ් පතිරණ අමාත්යවරයා මේ බව සඳහන් කර ඇත. වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට…
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියට සහය පලකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. විදුලිබල හා බලශක්ති අමාත්යංශයේදී එම සාකච්ඡාව පැවැති බවත් විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේදී විදුලිබල මණ්ඩලයේ මූල්ය විගණනයට අවශ්ය තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස්කිරීමට අවශ්ය තාක්ෂණික සහය දීමට ලෝක බැංකුව දෙන බවත් ඒ මහතා කීය. ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සඳහා මූල්ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී…
මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් වෙනම බැංකුවක් ස්ථාපිත කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පැවසීය. ඇතැම් මූල්ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙන බව කී රාජ්ය අමාත්යවරයා මෙම ගැටළුවට විසඳුමක් ලෙස නව බැංකුව ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද සඳහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්ය කේන්ද්රයේ ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ඛනිජ සම්පත ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා කීය. ඛනිජ සම්පත් අගය…
යුක්රේනයේ කියෙව් අගනුරව සහ ලිවීව් නුවර පිහිටා ඇති ප්රධාන ඓතිහාසික ස්ථාන කිහිපයක් අවදානමකට ලක් ව ඇති බව යුනෙස්කෝ සංවිධානය නිවේදනය කරයි. ඒ, පවතින රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙනි. මේ අනුව එම ස්ථාන අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ. කියෙව් අගනුවර පිහිටා ඇති ශාන්ත සොෆියා දේවස්ථානය අවදානමට ලක් ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් වූ එක් ඓතිහාසික ස්ථානයකි. කියෙව් අගනුවර පිහිටි ශාන්ත සොෆියා දේවස්ථානය ඉහළ වාස්තු විද්යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයක් බව සැලකේ. ලෝක උරුම ලැයිස්තුවට එක් කෙරුණු පළමු යුක්රේන සංධිස්ථානය වන්නේ ද මෙම ශාන්ත සොෆියා දේවස්ථානයයි. එහි ඉදිකිරීම් 1037 දී හෝ 1011 දී…
ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩුවෙන් වාර්තා වේ. තමිල්නාඩු අමාත්යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් මේ බව ප්රකාශ කර තිබේ. මෙම බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේ දී ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්යවරයා සඳහන් කර තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරය අතරතුර දී මෙම වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්වෙන ලදි. ඉන්දීය නැව් සමාගම මෙම ක්රියාවලිය සඳහා සහාය පළ කර ඇති අතර, 150 දෙනෙකුට ගමන් කළ හැකි අධිවේගී මඟී ප්රවාහන බෝට්ටුවක් ලබා දීමට එම සමාගම සිය එකඟතාව පළ කර ඇත. නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා…
කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයන් ගේ සංගමය වෙළෙඳ අමාත්ය නලීන් ප්රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබේ. කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ, කුකුළු මස් මිල තවදුරටත් අඩු කළ යුතු බවයි. මේ අතර, කුකුළු ගොවිපොළ හිමියන් සහ සත්ත්ව නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ, කුකුළු මස් ආනයනයෙන් වැළකී නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම සඳහා පහසුකම් සලසන ලෙසයි. එසේම ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ, කුකුළු මස් මිල අඩු වීමට සාපේක්ෂ ව කුකුළු මස් ඇතුළත් ආහාර මිල ද අඩු විය යුතු බවයි. කුකුළු මස් මිල ගණන් මෙන්ම වෙළෙඳපොළේ මත්ස්ය මිල ගණන් ද පහත වැටී ඇති බව වාර්තා වේ. මේ…
පේරාදෙණිය සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචි සරසවි සිසුවෙකි. ඔහු පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්ය පීඨයේ පළමු වසරේ අධ්යාපනය හදාරමින් සිට ඇත. පොලීසිය පවසන්නේ මියගොස් ඇති සරසවි සිසුවා ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයේ නාන කාමරයක ඇදවැටීමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවය. පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සහායවීමට උත්සාහ ගත් සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයාට සහාය ලබාදුන් බවට සැකපිට තවත් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් සමග මෝටර් රථයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.