Author: LFN

කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 01 දින විරෝධතාවයක් සිදුකර ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසින් “ප්‍රදේශයේ ආරක්‍ෂාවට හා මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් තරුණ පරම්පරාවේ අනාගතයට බලපෑම් එල්ල වන බවට පවසමින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින්” විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹු වන ආකාරයේ පුවරු ප්‍රදර්ශණය කරමින් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත. තවද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාව මගින් මේ වන විට සිදු කර ඇති සේවය හා කඳවුරු ඉවත් කිරීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම පෙන්වා දෙමින් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ…

Read More

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. ඒ, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ය. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

Read More

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට ප්‍රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මාධ්‍යට. ආණ්ඩුව මාසයෙන් මාසයට පෙට්‍රල් මිල සංශෝධනය කරන ආකාරයට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කළ නොහැකි බව කී ධර්මසේකර මහතා ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩු කීපයකින් ඉල්ලා සිටිය ද එය නොකළ බව ද සඳහන් කළේය. වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා මුණගැසී මීට දින කීපයකට පෙර ද ත්‍රීරෝද රථ නියාමනයට කටයුතු කරන ලෙස…

Read More

චන්ද්‍රයාන් – 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් වෙයි. චන්ද්‍රයාන් – 3 සාර්ථකත්වය හමුවේ ඉන්දියාව මීළඟට සැරසෙන්නේ ඉර තරණයට ය. ආදිත්‍යා L-1 නැමැති සූර්ය ගවේෂණ නිරීක්ෂණාගාරය සැප්තැම්බර් 02 වන සෙනසුරාදා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකෝටා අභ්‍යවකාශ තොටුපොළෙන් නික්මීමට නියමිත බව ඉස්රෝ (ISRO) නැත්නම් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය. හින්දි බසින් හිරු හඳුන්වන ආදිත්‍යා ලෙස නම් කළ ඉන්දියාවේ සූර්ය ගවේෂණ යානය සූර්ය ගවේෂණය වෙනුවෙන් ඉන්දියාව නිපදවූ පළමු අභ්‍යවකාශ යානය ලෙස හැඳින්වෙයි. හිරුගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව උඩුගුවනට…

Read More

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා ඊයේ (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි. එම දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී වෛද්‍යවරයා විසින් මෙසේ සාක්ෂි ලබාදී තිබුණි. බොරැල්ල පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය මලික් සමරසිංහ මහතා කියා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළ තමා 2003 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සම්බන්ධ වූ බවය. මෙම…

Read More

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඉන් ඉල්ලා ඇත්තේ, තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ…

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේ ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් පෙරහැර සාර්ථකව සිදුවූ බවට වූ සංදේශය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමෙන් අනතුරව ඔහු මේ බව පැවසීය. “තම පෞද්ගලික අභිමතාර්ථ සාධනය කරගැනීමට ප්‍රයත්න දරන්නන් විසින් උත්තම ශ්‍රී දළදා වහන්සේට හා ශ්‍රී දළදා මාළිගාවටත් උභය මහා විහාරයටත් ඉතා ද්වේශ සහගත අයුරින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හා වෙනත් විවිධ ආකාරයෙන් වරින් වර එල්ල කරනු ලබන ඊර්ෂ්‍යා සහගත නින්දා අපවාද අපමණය. ලෝකයේ විවිධ සත්ත්ව හිංසා හමුවේ නිහඬතාවය රකින රාජ්‍ය නොවන සංවිධාන පෙරහැරට විරෝධය පළ…

Read More

තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, “මාව තියාගන්න හිටපු ජනාධිපතිතුමා අකමැති නම්.. විධායක සභාව අකමැති නම් මම යන්න කැමතියි. යටින් තල්ලු නැහැ. උඩ කට්ටිය තමයි තල්ලු දාන්නේ. ඒකට බය නැහැ. නම් කියන්න බැහැ. ඒ අයට ඕනේ එක්සත් ජාතික පක්ෂයට මේක හේත්තු කරන්න.”

Read More

ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ. මෙම සුඛෝපභෝගී ජීප් රථ සොයාගෙන ඇත්තේ කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය. මෙරටට වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් මෙම රථවාහන මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරයි. අදාළ රථ රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු බවට හෙළිවී ඇත. එම රථ සොයාගන්නා අවස්ථාව වනවිටත් අදාළ වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සූරා ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර අදාළ නිවසේ හිමිකරු වන වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

Read More