Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙසැම්බරය වන විට කුකුළු මස් මිල තවත් පහතට
    Featured

    දෙසැම්බරය වන විට කුකුළු මස් මිල තවත් පහතට

    By LFNSeptember 23, 2023No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයන් ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබේ.

    කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ, කුකුළු මස් මිල තවදුරටත් අඩු කළ යුතු බවයි.

    මේ අතර, කුකුළු ගොවිපොළ හිමියන් සහ සත්ත්ව නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ, කුකුළු මස් ආනයනයෙන් වැළකී නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම සඳහා පහසුකම් සලසන ලෙසයි.

    එසේම ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ, කුකුළු මස් මිල අඩු වීමට සාපේක්ෂ ව කුකුළු මස් ඇතුළත් ආහාර මිල ද අඩු විය යුතු බවයි.

    කුකුළු මස් මිල ගණන් මෙන්ම වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ද පහත වැටී ඇති බව වාර්තා වේ.

    මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊ (22) පැවසුවේ, එළැඹෙන දෙසැම්බර් මාසයෙන් පසු මෙරටට බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

    කුකුළු මස් මිල පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

    ”සුපර් මාර්කට්වල සාමාන්‍ය කුකුළු මස්වලට අමතර ව කෑලි වශයෙන් වෙනස් වෙනස් විදියට ඒ අය විශාල වශයෙන් අලෙවි කරනවා. ඒවාවල විශාල ලාභ තීරුවක් තියෙනවා. මම ඊයේ හවස ලේකම්තුමාට උපදෙස් දුන්නා සියලුම සුපිරි වෙළෙඳසල් ජාලා ගෙන්නලා වහාම මිල අඩු කරන්න කියලා උපදෙස් දුන්නා. ඒකට ප්‍රතිචාර නැත්තං මම ඒ වැඩ කොටස අතට ගන්නවා. නොවැම්බර් දෙසැම්බර් වෙද්දි තව රුපියල් 100ක් 150ක් විතර අඩු කරගන්න පුළුවන් නම්, මම හිතන්නෙ රුපියල් 850කට 900කට වගේ කුකුළු මස් කිලෝ එකක් ලබා ගන්න පුළුවන්. අනිවාර්‍යයෙන් එහෙම කෙරුවෙ නැත්තං කුකුළු මස් ආනයනය කරනවා”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.