Author: LFN
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව හා මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් එක්ව ඊයේ (23) වන දින මන්නාරම තාල්පාඩු ප්රදේශයේ සිදුකල වැටලීමකදී රුපියල් මිලියන 03ක වටිනාකමින් යුක්ත Pregabalin වර්ගයේ මල්පෙති 207,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම, තාරපුරම් ප්රදේශයේ පදිංචි ලෝගන්දන් අජන්තන් නමැති 22 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා හා මල්පෙති තොගය පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවට වාර්තා වේ.
වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව ලබන මාසය වනවිට වාහන සඳහා අදාල එච් එස් පී කෝඩ් 270 කට ආසන්න ප්රමාණය හැර අනෙකුත් සියලුම භාණ්ඩ ආනයන සීමා වලින් නිදහස් කිරීමට නියමිතය. ශ්රී ලංකාවේ සංචිත මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බවද ඔහු පැවැසීය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර ලබන 26 වැනි දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබේ. මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වනු ඇති බවයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලෙස ජනාධිපතිවරයා සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් අතර අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇත. එම සාකච්ඡාවෙන් අනතුරු ව ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත ව ඇති බව වාර්තා වේ. මේ අතර, ශ්රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන…
ඊයේ (23) පස්වරුවේ ගාල්ලේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි පහරින් මියගිය පුද්ගලයා ව්යාපාරිකයෙකු බවය. මෙම වෙඩිතැබීමේ සිද්ධිය ඊයේ රාත්රී 7.30ට පමණ සිදුවී තිබේ. ඒ, ගාල්ල ඩික්සන් මාර්ගයේ පාලු ස්ථානයකදීය. වෙඩි ප්රහාරයට ලක්වී මියගියේ ලලිත් ප්රසන්ත මෙන්ඩිස් නම් ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙකි. ඔහු සිය ව්යාපාරික කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි ප්රහාරයට ලක්වී ඇත. ව්යාපාරිකයා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්රහාර කිහිපයක්ම එල්ලවී තිබූ අයුරු දක්නට ලැබුණි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
ශ්රී ලංකාව විසින් මූල්ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්ය පවසයි. ඒ පසුගිය බ්රහස්පතින්දා (21) එරටට ඩොලර් මිලියන 50ක් ගෙවීමත් සමගය. එම සම්පූර්ණ ණය මුදල ඩොලර් මිලියන 200කි. එසේම එම ණයට අදාළ පොලීය වූ ඩොලර් මිලියන 4.5ක මුදලක්ද ගෙවූ බව බංග්ලාදේශ නිලධාරීන් තහවුරු කර තිබුණි.
සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැරි විවාහක යුවලක් හොරණ කුඹුක ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්ය අපරාධ විමර්ශන අංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය පැවසුවේ මෙම සැකකාර යුවළ විසින් වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ කොටස් ඉලක්ක කරමින් මෙම සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර ඇති බවය. 23 හැවිරිදි සැකකාරිය හා 25 හැවිරිදි සැකකරු ඊයේ (23) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.
හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර් රථය ලබාදුන් තවත් දෙදෙනෙකු එලෙස මාතර වැලිගමදී අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මධ්යම, ඌව, නැඟෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබේ. ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්රධාන සාකච්ඡාකරුවන් සැප්තැම්බර් 19 වනදා මාර්ගගත ක්රමය ඔස්සේ මෙම හමුවට එක්වී ඇත. මෙය පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු සාකච්ඡා අඛණ්ඩව සිදු කිරීම සනිටුහන් කිරීමකි
ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි. කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය. “අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල් 600ට දෙන්න පුළුවන් ආනයනික කිරි පැකට් එකක්. පසුගිය අවුරුදු 30 ඇතුළත වැඩිම බදු මුදලක් කිරිවලට ගෙවන්නේ අද තමයි. ටොන් 8,000ක් මාසයට විකිණුන කිරි එක දැන් ටොන් 3,000ට බැහැලා. සීනිවලට ශත 25යි ඩියුටිය. පාන් පිටිවලට රුපියල් 45යි. කිරි පිටිවලට රුපියල් 650යි. මේකේ හරි තොරතුරු රජයේ බලධාරීන්ට…