Author: LFN

තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට ඊයේ (03) එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ඇතැමුන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ සිය ජීවිතයට තර්ජනයක් ඇති නිසාදැයි සැක සහිත බවය. සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුණු, ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට අදාළ දායකත්වය ලබා දීම සිදුකරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය. එමෙන්ම කිරිදිඔය…

Read More

සමනල වැව ජලාශයෙන් ජලය කාන්දුවන ස්ථාන වසා දැමීමේ කටයුුතු එළඹෙන සතිය තුළ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා ජලාශයේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළේ මේ අවස්ථාවේ කාන්දු වසාදැමීමට පියවර නොගතහොත් ඊට යළි අවස්ථාවක් උදානොවනු ඇති බවය. සමනලවැව ජලාශය ඉදිකිරීමේදී භූ විද්‍යා ඉංජිනේරුවරයෙක් වශයෙන් දායකත්වය සපයා ඇති ඒ මහතා තිස් වසරක කාලයක් පුරා ජලාශය සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා, “මේක තමයි සමනල වැව ව්‍යාපෘතියේ තියෙන ලොකුම ගැටලුව. සියලුම උත්සහායන් යොදවන්න ඕනේ මේ ප්‍රධාන ජල කාන්දුව වහ ගන්න. තව මීටර් 10ක් විතර…

Read More

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට ලැබෙන ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පැවසුවේ ඒවා ස්පර්ශ වීමෙන් කැසීම්, සහ වමනය ඇති වන බවය. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (03) පැමිණ මෙම තත්ත්වය පරීක්ෂා කර අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටල් පරිශ්‍රයකදී පැවැත්වුණි. “එක්වෙමු – වෙනසකට සැරසෙමු“ යන්න මෙවර සංවත්සරයේ තේමාවයි. උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, මෙරට සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය. ඇරියුම් කර තිබුණද හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට සහභාගී වී සිටියේ නැත. එහිදී අදහස් දැක්වූ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න ඕනේ. නමුත් රටේ ජනගහණයෙන් 60%ක් පමණ…

Read More

බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ. ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී සිදුවී ඇති එම අනතුරින් 73 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි. පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බවයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අද (03) පැවැත්වීමට නියමිත ව තිබේ. නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ නිදහස් පක්ෂ සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වීමට නියමිතයි. ‘එක්වෙමු – වෙනසකට සැරසෙමු’ යන්න මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේමාව වී තිබේ. 1951 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබීය.

Read More

ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වීම සඳහා ගොස් සිටි වයස අවුරුදු 16ක දැරියක් අතුරුදන් වී ඇති බව කටුපොත – එරෝමා ළමා නිවාසයේ පාලිකාව විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ. අතුරුදන් වී ඇත්තේ, හලාවත – කටුපොත එරෝමා ළමා නිවාසයේ රඳවා සිටි දැරියකි. ඇය මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයේ රඳවා තිබුණු බව වාර්තා වේ. වයඹ පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසවල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (02) කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා උත්සවයක් පවත්වා ඇත. එම ක්‍රීඩා උත්සවයට සහභාගි වීම සඳහා කටුපත – එරෝමා ළමා නිවාසයේ දරු දැරියන් ද ගොස් ඇති බව සඳහන්ය. ක්‍රීඩා උත්සවය අවසන්…

Read More

‍ශ්‍රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකු එලෙස ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි. අදාළ පුද්ගලයා විසින් ශ්‍රී ලංකාවෙන් පළාවිත් ඉන්දියාවේ බැංගලෝර් හී රැඳී සිටි ශ්‍රි ලාංකිකයකුට ඕමානයට පළායාම සඳහා ආධාර අනුබල ලබා දී ඇති බවට ඉන්දීය පොලිසීය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙරට අපරාධ කල්ලි සමාජිකයන් තිදෙනෙකු ඉන්දියාවට පළාගොස් සැඟ ව සිටිය දී පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයන් තිදෙනෙකු ද ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය.

Read More

පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙ‍ෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) පිටකොටුව ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවිකරන සහ කීරි සම්බා සහල් තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ගැනීමට එම අධිකාරියේ නිලධාරීන්ට හැකිවිය. එසේ සොයාගනු ලැබූ ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර ගෙන ඇත. අගෝස්තු 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260කි. ඒ හේතුවෙන් දිවයින පුරා ඇති වෙළෙඳසැල්වල කීරි සම්බ සඟවා ගැනීමක් සිදුවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

Read More

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි. මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.

Read More