Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පෞද්ගලක ඉදිකිරීම් සමාගමක ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වසර 05ක් වැනි කාලයක් තුළදී වංචා කළ කාන්තාවක් හා ඇයගේ සැමියාව ද එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුගේගොඩ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ එම කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ එහි ගණකාධිකාරීවරිය විසින්…
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි. සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවුණි. අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන…
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වූ අතර එය මිලිමීටර් 106.3කි. මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද වැසි සමග ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ සමග ගිං ගඟ දෙපස පිහිටි නාවක්කඩ මුල්කඩ, පාතවැලිවිටිය ආදී ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. එමෙන්ම එම ප්‍රදේශයේ තේ…
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4%කින් බස් ගාස්තු ඉහළ නැංවීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. කෙසේවෙතත්, අවම ගාස්තුව වන රුපියල් 30 වෙනසක් සිදුවී නොමැත. මේ අතර ඉන්ධන මිල ඉහළයාමත් සමග ධීවර කටයුතුවල නිරතවීම අර්බුදකාරි තත්ත්වයකට පත්වී ඇති බව ධීවරයින් චෝදනා කරයි. එමෙන්ම, ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ප්‍රවාහනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඉදිරියේදී එළවළු මිල ඉහළ යා හැකි බව එළවළු වෙළෙඳුන් පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණි. එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන්…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන…
වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි. අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බව වාර්තා වේ. අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇත. 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබේ. දැරිවියට අතවර කළ බව කියන…
මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි. එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව…
පසුගිය වසර 05ට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් උපයා ගැනීමට හැකිවූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ, ප්‍රධාන වශයෙන් කුරුඳු, ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනයෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වූ බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රණවීර මහතා, “පසුගිය වසර 05 සැලකීමේ දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ බෝග අපනයනයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට 2023 වසරේ මේ දක්වා කාල පරාසය සමත්වෙලා තියෙනවා. ඒ අනුව 2023 ජූනි දක්වා මෙට්‍රික් ටොන් 34,771ක් අපනයනය කරලා රුපියල් මිලියන 86,680ක් ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කුරුඳු, කරාබු, ගම්මිරිස් වැනි…
රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ…