Close Menu
Lanka Focus News
    What's Hot

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට පුරා සොරකමේ ගිය ත්‍රිරෝද රථ අපරාධ කල්ලිය අත්අඩංගුවට
    Featured

    රට පුරා සොරකමේ ගිය ත්‍රිරෝද රථ අපරාධ කල්ලිය අත්අඩංගුවට

    By LFNSeptember 25, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රිරෝද රථ මගීන් ලෙස සහ රියදුරන් ලෙස ගමන් කරමින් ජනතාවගේ දේපොළ සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    “එම සැකකරුවන් ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේදී ඒ ත්‍රීරෝද රථයේ රියදුරා වෙන්න පුළුවන් නැත්නම් එම සැකකරුවන් සමග යන මගීන් වෙන්න පුළුවන්. එම සැකකරු මේ ගමන් කරන පුද්ගලයින් සමග සුහදව කටයුතු කරමින් යම් ආකාරයකට අතරමඟ දී බීමට යමක් දෙනවා. ඒ පානය කළාට පස්සේ යම් ආකාරයක සිහි මුර්ජාවක් එනවා. ඊට පසුව මේ සැකකරුවන් විසින් යම්කිසි වටිනා කියන මුදල් සහ රත්‍රං බඩු පැහැරගැනීමක් කරනවා. පසුගිය දිනක පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ක්ලාන්ත හැදිලා වැටිලා හිටියා. පසුව මේ පුද්ගලයා රෝහල්ගත කරලා මේ පිළිබඳ විමර්ශන කිරීමේදී මේ ගැන අනාවරණ වුණා. ඒ අනුව සැකකරුවන් සොයාගත්තා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් සෙල්ලයියා චන්ද්‍රමෝහන් නොහොත් මෝහන් නැමති 44 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා ගෟවුසුර් අමීර් මොහොමඩ් නම් 33 හැවිරිදි තිහාරි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

    අනෙක් සැකකරු අබ්දුල් සත්සාර් මොහොමඩ් ඩිල්ෂාන් නොහොත් ඩිල්ෂාන් නම් 33 හැවිරිදි පුද්ගලයෙකි.

    මෙම සකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට අපරාධ සිදුකර ඇති අතර රුවන්වැල්ල, වේල්ලවිථිය, මහරගම, හංවැල්ල, ගම්පහ, බියගම, වේයන්ගොඩ, වැලිමඩ යන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇත.

    මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ “වැලිමඩ ප්‍රදේශයේදී 2020 12 07 වනදා වයස අවුරුදු 80ක පුද්ගලයෙක් මේ ආකාරයට අතුරුදන් වෙලා තියෙනවා. ඒ වගේම 2021.10.27 මෙවැනි සිදුවීමකින් වයස අවුරුදු 42ක පුද්ගයෙක් අතුරදන් වෙලා තියෙනවා. මෙතෙක් ඔවුන් සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් මේ සැකකරුවන් පොලීසිය සැකකරනවා.” යනුවෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 202601 Views

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි…

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.