Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් ආපනශාලා නියාමනයට වැඩපිළිවෙළක්
    Featured

    පාසල් ආපනශාලා නියාමනයට වැඩපිළිවෙළක්

    By LFNSeptember 25, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් ආපනශාලා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඉදිරි කාලය තුළ සියලු ආපනශාලා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවය.

    කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

    “පාසල්වල තියෙන ආපනශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතික ලියවිල්ලක් නොවුණත් මේ පාසල් ආපනශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබාදීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව අපට පේන්න තියෙනවා. ආපනශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා. චක්‍රලේඛයක් විදියට. එහි සඳහන් වෙනවා පාසල් දරුවන්ට හානිකර නොවන ආහාර මොනවා ද? ආපනශාලා තුල අලෙවි කළ හැකි ආහාර මොනවාද ? කියලා. මේක ජාතික පාසල් ආපනශාලා ප්‍රතිපත්තියක් ලෙස එළිදක්වලා තියෙනවා. මේ සම්බන්ධව අපි පාසල් බලධාරීන් සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යන අයව දැනුවත් කරලා තියෙනවා. ඊට පටහැනිව කටයුතු කරනවා නම් අපිට ආහාර පනත යටතේ නඩු පැරීමට යම් ගැටලුවක් තිබුණත් පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය කරන ඕනෑම අවස්ථාවක නිත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේ දී පාසල් ආපනශාලා දැඩිව නියාමනය කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.