Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රස්ථවාදයට එරෙහිව යාපනයෙන් හඩක් !
    Featured

    ත්‍රස්ථවාදයට එරෙහිව යාපනයෙන් හඩක් !

    By LFNSeptember 25, 2023Updated:October 3, 2023No Comments2 Mins Read279 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (25) වන දින පවත්වා ඇති බවට වාර්තාවේ.

    දමිළ ජනතාව බහුතරයක් වාසය කරනු ලබන උතුරු නැගෙනහිර පළාත් මූලික කර ගනිමින් කුලභේදය හා ජාතිවාදය මුල් කරගනිමින් නිර්මාණය වූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය ඉන්දියානු බලපෑම් හා රජයේ ආරක්‍ෂක ක්‍රියාකාරකම් පාලනයට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ අරමුණින් 1987 වර්ෂයේදී රාසයියා පාර්තීපන් නොහොත් තිලීපන් නමැති ව්‍යාජ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයාව බලහත්කාරයෙන් උපවාසයක් සිදුකිරීම සඳහා පොළඹවන ලදී.

    මෙම කුරිරු පොළඹවාලීම මත දින 12 ක කාලයක් කිසිඳු ආහාරයක් හෝ ජල බිඳක් රාසයියා පාර්තීපන් හට ලබානොදීමට ඔහු වටා ආරක්‍ෂාවට යොදා සිටි එල්ටීටීඊ සාමාජිකයන් විසින් අමානුෂික ලෙස කටයුතු කර ඇති අතර, මෙය ජාතිවාදී අරමුණු ඉටුකරගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකරන ලද අමානුෂික ඝාතනයක් වශයෙන් ද සත්‍යවාදී දමිළ ප්‍රජාව නොපිරිහෙළා පිළිගනු ලබන කරුණකි.

    එවක එල්ටීටීඊ සංවිධානය ජාතිවාදය මූලික කර ගනිමින් සිදුකරවන ලද ව්‍යාජ උපවාසය අනුස්මරණයක් බවට පත්කරගනිමින් වර්ථමානයේ ආත්මාර්ථකාමී දේශපාලන අභිලාෂයන්ගෙන් යුතු එල්ටීටීඊ හිතවාදී දේශපාලන පක්‍ෂයක් වශයෙන් නම්දැරූ දමිළ ජාතික ජනතා පෙරමුණ ප්‍රමුඛ විදේශගත මූල්‍යාධාර අපේක්‍ෂාවෙන් දමිළ ජනතාව බිල්ලට ලබාදෙනු ලබන දමිළ දේශපාලන පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් යුතුව පවත්වනු ලැබීම සත්‍යවාදී දම්ළ ජනතාවගේ විවේචනයට ද ලක්වී ඇත.

    දමිළ ජනතාවගේ සංස්කෘතික පූජනීය ස්ථානයක් වන නල්ලූර් ප්‍රදේශයේ පවිත්‍රතාවයද මොවුන්ගේ පටු දේශපාලන අරමුණු හේතුවෙන් අපවිත්‍ර වන බවට මනා දැනුමකින් කටයුතු කරන බුද්ධිමත් දමිළ ජනතාව අනුස්මරණයන් වශයෙන් පවත්වන ජාතිවාදී ක්‍රියාවන් සඳහා සහභාගී නොවන අතර, හුදෙක්ම රැකියාවන් හෝ නොකර විදේශගත එල්ටීටීඊ හිතවාදී දමිළයන්ගේ රට සල්ලි වලින් ජීවත් වීමට හුරුවී සිටින අදාල දේශපාලන පක්‍ෂයන්ගේ ගෝලබාලයන් අතලොස්සක් පමණක් මෙම ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී සිටින බවට නිරීක්‍ෂණය වී ඇති කරුණකි.

    මෙම සත්‍ය තත්වය මනා ලෙස අවබෝධ කර ගනිමින් ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වලින් අහිංසක දමිළ ජනතාව යම්තාක් දුරට හෝ බේරාගැනීමේ උත්සාහයක නිරතව සිටින යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ප්‍රධානී අරුලානන්දන් අරුල් විසින් සංවිධානය කරන ලද ඉහත සත්‍ය පෙන්වාදීමේ වැඩසටහන සත්‍යවාදී දමිළ ප්‍රජාවේ පැසසුමට ලක්ව ඇති අතර, ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්‍ෂේප කරන සමාජයක් නිර්මාණය කිරීමෙහිලා දරන මෙම උත්සාහයන් සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ගේ අගයකිරීමට ලක්විය යුතු බවටද විශේෂ වශයෙන් පෙන්වා දිය හැකිිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202601 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.