Author: LFN
2024 වසර සඳහා ගිනිඅවි බලපත්ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝඡ්යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිඅවි බලපත්රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්ර අලුත් කිරීමට කල් ලබාදී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්ර ආරක්ෂක අමාත්යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැක. 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්ර අලුත් කිරීමක් සිදුනොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂ අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.…
ශ්රී ලංකා ජාත්යන්තර ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත. ටින්ඩර් නම් සමාජ මාධ්ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබිණි. ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද (28) ආරම්භවීමට නියමිතය. ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි. මෙම සමුළුව රටවල් රැසක රාජ්ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අද සහ හෙට (29) යන දෙදින තුළ ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය පැවසුවේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සමුළුවේ පළමු දින රාජ්ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට ද නියමිතව තිබේ.
ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වේ. සියලුම මනුෂ්යයින් සඳහා ප්රේමය සහ සාමයේ පණිවුඩය ප්රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස හැඳින්වෙන බවද සඳහන් වේ. මනුෂ්යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේ මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබයි.
2016 වසරේ ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කොට අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඩොනල්ඩ් ට්රම්ප් දේපොළ වෙළඳ ව්යාපාරයෙන් සාර්ථකත්වය ලැබූ ව්යාපාරිකයෙකි. සිය පියා ගෙන් උරුම වූ ‘ට්රම්ප් මැනේජ්මන්ට්‘ ව්යාපාරය ඩොනල්ඩ් ට්රම්ප් විසින් ට්රම්ප් ඕගනයිසේෂන් නැති නම් ට්රම්ප් සංවිධානය ලෙස නැවත නම් කොට ව්යාපාර කටයුතුවල නිරත විය. 1983 වසරේ ඔහු නිව්යෝක් නුවර මෑන්හැට්න්හි මහල් 58කින් යුත් ට්රම්ප් ටවර් ගොඩනැඟිල්ල නිම කළ අතර, ෆ්ලොරීඩාවේ පාම් බීච්හි ‘මාර්-අ-ලාගෝ’ නිකේතන භූමිය මිල දී ගන්නේ 1985 වසරේ දී ය. 2016 ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු ඩොනල්ඩ් ට්රම්ප්, ට්රම්ප් ඕගනයිසේෂන්හි කළමනාකරණ තනතුරුවලින් ඉවත් වී එම වගකීම් ඩොනල්ඩ් ට්රම්ප් (ජුනියර්) සහ එරික් යන තම පුතුන්ට පැවරුවේය. එහෙත්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) නිකුත් කර ඇත. ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබේ. ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි. අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසයි. මේ අතර, 2023 වසරේ ගතවූ මස 07 තුළ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 18ක ශුද්ධ…
වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කර තිබේ. සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතු බව ද ඇය සඳහන් කරයි. මෙරටට පැමිණෙන සංචාරකයන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදු වන අපහසුතා වළක්වා ගැනීමට විශේෂ කුලී රථ සංගම් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්යවරිය අවධාරණය කර ඇත. සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එසේම අමාත්යවරිය පැවසුවේ,…
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කරයි. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන ඇත. විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්රවණතාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුව ඔක්තෝබර් මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. මේ අතර, පාර්ලිමේන්තුව රැස් වන සෑම දිනකම පෙරවරු 09.30ට සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු…
අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයට පසුගිය 26 වැනිදා ඇතුළු වූ සොරු කණ්ඩායමක් කාර්යාලය බිඳ එහි මුදල් ඇතුළු උපකරණ සොරාගෙන තිබේ. සොරුන්, කාර්යාලයේ ගණකාධිකාරි (සරප්) අංශයේ ජනෙල් කඩා එම අංශයට ඇතුළු වී සේප්පුව විවෘත කර එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය වාර්තා කරයි. සේප්පුව විවෘත්ත කර ඇත්තේ, එහි යතුර භාවිත කරමින් වන අතර, එය කෙසේ සිදු වුණි ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මක බව වාර්තා වේ. රැගෙන ගොස් ඇති මුදල් ප්රමාණය තවමත් ගණනය කර නොමැති අතර, එය රුපියල් ලක්ෂ 12ක් හෝ 15ක් විය හැකි බවට අනුමාන කරන බව ද කාර්යාල නිලධාරිහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්ය අංශ පෙන්වාදෙයි. ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි. පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්ය ප්රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ඉෂානි ප්රනාන්දු මහත්මිය මෙම අදහස් පළකළේය.