Author: LFN

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි. ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊයේ (05) දිනයේ තොරතුරු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජි. විජේසුරිය මහතා මෙම අදහස් පළ කර තිබේ.

Read More

අද (06) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණි. දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබුණි. මේ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළේය. පක්ෂ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් ඔහුට ඒ පිළිබඳ දැනුම්…

Read More

අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යෑමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අවධාරණය කරයි. ‘සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා පොලිසියේ කාර්යභාරය’ මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ”පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මේ රටේ වෙච්ච හැම සංවිධානාත්මක අපරාධයකම, ඒවට ගෑවිච්ච හැම පුද්ගලයෙක්ගෙම සම්පූර්ණ ජීව දත්ත විස්තර අඩංගු දත්ත පද්ධතියක අවශ්‍යතාව අපට පෙනී ගියා. අපිට දත්ත පද්ධතියක්…

Read More

තැපැල් මගින් මෙරටට එවා තිබූ පාර්සල් පරීක්ෂා කිරීමකදී ඒ තුළ තිබී මරිජුවානා සහ කෘතීමව නිපදවන ලද මත්පෙති ග්‍රෑම් 1406ක තොගයක් සොයාගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිටදී කොළඹ තැපැල් තක්සේරු අංශයේ රේගු නිලධාරීන් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇත. මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූ පන්දහසක් (14,085,000) බව හෙළිවී තිබේ. ඇමෙරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල්වල සිට ලංකාවේ විවිධ පළාත්වල පුද්ගලයින්ගේ ලිපිනයන්ට එවා ඇති බව අනාවරණය වී ඇත. දිගු කාලයක් තිස්සේ නිෂ්කාශනය නොකර තිබීම හේතුවෙන් එම පාර්සල් තොගය මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (06)…

Read More

සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනටමත් යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. මේ ගැටළුව සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතු සියල්ල කර ඇතැයි සරසවි ආචාර්යවරුන්ගේ සංගමය හොඳාකාරවම දන්නා බවද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය. අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා සියල්ල එකතු වුණාම වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ සියයට 36 කොටසට ඇතුළු වුණා. මේ බදු…

Read More

මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී රෝගීවීමෙන් පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Read More

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. අද (05) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දුනි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළේය. ඒ අනුව, එම තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන ප්‍රමාද කිරීම…

Read More

චැනල් 4 නාලිකාව තුලින් ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කර ශ්‍රීලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකිර්තියට පත් කිරීම සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් මේසේ නිවේදනයක් නිකුත් කර ඇත. චැනල් 4 යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අවසාන සටනේ දී යුද අපරාධ සිදු වූ බවට කොටි ඩයස්පෝරාවේ මුදලට බොරු වාර්තා චිත්‍රපට සමාජ ගත කරන මාධ්‍ය අභිසාරිකාවකි. නැවත ජිනීවා මානව හිමිකම් සමුළුව ළං වෙන නිසා දෝ චැනල් 4 බොරු බේගල් නාළිකාව යළිත් පාස්කු ප්‍රහාරය ගැන අද වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා මෙවර යොදා ගෙන ඇත්තේ ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගියා පිල්ලෙයාන් කල්ලියේ මුදල් කළමණාකරුය. ඔහු පිල්ලෙයාන්ගේ විශාල මුදලක් වංචා කොට ස්විට්සර්ලන්තයට පළා…

Read More

වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව කළ යුතු දේ විපක්ෂයට කිරීමට සිදුව ඇති බවත් ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුවත් වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරමින් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය. කිරිදිඔය ව්‍යාපාරය මෙන්ම රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර මිල සූත්‍රයක ඇති කර…

Read More