Author: LFN

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේ දී නවතා තිබූ බස් රථයක තවත් බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අද (25) අලුයම 3.45ට පමණ අනතුර සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 15 දෙනෙක් මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. අප වාර්තාකරු පැවසුවේ, මාර්ගයේ නවතා තිබු බස් රථයක වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මුහුණට මුහුණ ගැටී ඇති බවය. අනතුරින් වැලිමඩ – කොළඹ බස් රථයේ සිටි පුද්ගලයින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More

පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවලමිල ඉහළ යාම සිදුවූ බවයි. බදු පහත දමන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 100කින් හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාමතම සංගමයේ එකම බලාපොරොත්තුවබව එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

මෙරට සමෘද්ධි බැංකු සහ එම බැංකු අඩංගු සමිති 2000 ක පමණ සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි අලාභයක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සැප්.18 වන දින නිකුත් කර ඇති අලුත් ම විගණන වාර්තාවක සඳහන් වේ. මේ වසරේ අප්‍රේල් 21 වන දා විගණනයට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව අනුව 2014 වර්ෂයේ ජනවාරි මස 03 වන දා සිට 2015 වර්ෂයේ ජූලි මාසය අවසානය දක්වාම කාල පරිච්ඡේදයකදී සිදුව ඇතැයි කියන වංචා 15 කින් රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් ද 2019 සිට 2020 වර්ෂයේ පෙබරවාරි මාසය දක්වා සිදු වී ඇතැයි කියන වංචා අනූ දෙකකින් රුපියල් කෝටි දාහතකට වැඩි මුදලක් ද…

Read More

පාසල් ආපනශාලා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ඉදිරි කාලය තුළ සියලු ආපනශාලා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවය. කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේය. “පාසල්වල තියෙන ආපනශාලා සම්පූර්ණ දැඩි අධීක්ෂණයකට ලක්කිරීමට බලාපොරොත්තු වෙනවා. පාසල් ආපනශාලා ප්‍රතිපත්තිය සම්පූර්ණ නෛතික ලියවිල්ලක් නොවුණත් මේ පාසල් ආපනශාලා තුළ දරුවන්ට නුසුදුසු ආහාර ලබාදීම නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වන බව අපට පේන්න තියෙනවා. ආපනශාලා තුළ අලෙවි කළ යුතු ආහාර සම්බන්ධව මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙනවා. චක්‍රලේඛයක් විදියට. එහි…

Read More

ත්‍රිරෝද රථ මගීන් ලෙස සහ රියදුරන් ලෙස ගමන් කරමින් ජනතාවගේ දේපොළ සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය. “එම සැකකරුවන් ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේදී ඒ ත්‍රීරෝද රථයේ රියදුරා වෙන්න පුළුවන් නැත්නම් එම සැකකරුවන් සමග යන මගීන් වෙන්න පුළුවන්. එම සැකකරු මේ ගමන් කරන පුද්ගලයින් සමග සුහදව කටයුතු කරමින් යම් ආකාරයකට අතරමඟ දී බීමට යමක් දෙනවා. ඒ පානය කළාට පස්සේ යම් ආකාරයක සිහි මුර්ජාවක් එනවා. ඊට පසුව මේ සැකකරුවන් විසින් යම්කිසි වටිනා කියන මුදල් සහ රත්‍රං බඩු පැහැරගැනීමක් කරනවා. පසුගිය දිනක පුද්ගලයෙක්…

Read More

නිපා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා වෛරසවේදය සම්බන්ධ විශේෂඥයින් නිපා වෛරසය රටට ඇතුළුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවය. එමෙන්ම යම් හෙයකින් නිපා වෛරස ආසාදිතයින් වාර්තාවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ඊයේ (24) මහනුවර පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. හෙට රාත්‍රියේ ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වන අතර එහිදී ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ. වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය ලබන 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිතය. කියුබානු සහ අමෙරිකානු සංචාර නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති…

Read More

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වනිඳු හසරංගගේ සහභාගිත්වය අවිනිශ්චිත බව වාර්තා වේ. එල්. පී. එල් තරගාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියටද එක්වීමට අවස්ථාව හිමි වූයේ නැත. පසුව පුහුණුවීම් ඇරඹී වනිඳු හසරංග යළිත් ආබාධයකට ලක්වුණි. වෛද්‍ය වාර්තා අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ. එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට (25) දිනයේ නිල වශයෙන් නම් කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල ලබන 26 වනදා රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (24) එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් එය ප්‍රමාණවත් බවය. ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යය, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණි. ඊට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර…

Read More

බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. ඊයේ (24) පස්වරුවේ එම අනතුර සිදුව තිබුණේ අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේ හේනගම තේ කම්හලක් ආසන්නයේදීය. එලෙස මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, මාරගොඩ ප්‍රදේශයේ පදිංචි පසන් මනුෂ ගමගේ නැමති 17 හැවිරිදි තරුණයෙකි. ඔහු තවත් අයෙකු සමඟ ත්‍රිරෝද රථයෙන් ගාල්ල දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු වන සුල්තානාගොඩ අකුරුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයා අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read More