Author: LFN
කලකට පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උත්සවයකදී හමුවී තිබුණි. ඒ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදීය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ වෙන් වෙන්ව බණ්ඩාරනායක ගුණ සමරුව සිදුකිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් අද පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය. සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. මෙහිදි උත්සව සභාවේ ආගමික වතාවත් සිදුකෙරුණේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය…
මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ. ඔවුන් මේ බව සඳහන් කළේ ජිනිවා හී පැවැති වැඩසටහනකට එක් වූ අවස්ථාවේදීය. චැනල් ෆෝ නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන්ඩි පෙයාර් සහ එහි අධ්‍යක්ෂ ටොම් වෝකර් ජිනීවා හි පැවැති මෙම කථිකාවට එක්විය. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් විකාශය කරනු ලැබු SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES…
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (26) පස්වරුවේ සිදුවූ පිපිරීම පිළිබඳ තවත් තොරතුරු වාර්තාවී තිබේ. එම ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්විය. අදාළ පිපිරීම සිදුවී ඇත්තේ බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදීය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, ඊ පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවය. එම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙකි. එම පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි. අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු ඊයේ (26) අලුයම රෝහලේ 6 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. මියගිය සිසුවා ආඝාතය රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයාදෙන ආයතන අධීක්ෂණය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළයුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය. රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1,667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1,217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3,101ක ආදායම් ඉලක්කයක් මේ වසර සඳහා රජය බලාපොරොත්තු වෙනවා. “නමුත්…
අද (27) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසිද බලාපොරොත්තු ඇති වෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා, එහි මූල්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක…
වසර 30 ක කුරිරු යුධමය වාතාවරණයක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මාණය කරන ලද ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදී සංවිධානයක් වශයෙන් නම්දැරූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය විසින් ඔවුන්ගේ ත්‍රස්ථවාදී, ජාතිවාදී ක්‍රියාවන්ට අනුබල නොදීම හේතුවෙන් ඝාතනය කල දමිළ ජනතාව වෙනුවෙන් සත්‍යවාදී සේවාවක් ඉටුකල දේශපාලන නායකයන් පිළිබඳව තොරතුරු ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණයක් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ මෙහෙයවීම මත යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (25) වන දින පවත්වා ඇති බවට වාර්තාවේ. දමිළ ජනතාව බහුතරයක් වාසය කරනු ලබන උතුරු නැගෙනහිර පළාත් මූලික කර ගනිමින් කුලභේදය හා ජාතිවාදය මුල් කරගනිමින් නිර්මාණය වූ එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධානය ඉන්දියානු බලපෑම් හා රජයේ ආරක්‍ෂක ක්‍රියාකාරකම් පාලනයට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ අරමුණින් 1987 වර්ෂයේදී රාසයියා පාර්තීපන් නොහොත්…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මෑතක දී වාර්තා චිත්‍රපටයක් මගින් කරන ලද චෝදනා පදනම් කර ගනිමින් නව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බව කතෝලික සභාව ඊයේ (24) ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, පුද්ගලයන් 269 දෙනෙක්ට මරු කැඳවූ සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පූර්ණ විමර්ශනයක් සඳහා තමන් අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව කතෝලික සභාව සඳහන් කර තිබේ. චැනල් 4 හි වාර්තා චිත්‍රපටයෙන් සඳහන් කෙරුණේ, රාජපක්ෂලාට, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමට පාර කැපීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ පහසුකම් සැලසීම මත ත්‍රස්ත ප්‍රහාර එල්ල කර ඇති බවයි. ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය…
යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ මාස තුනක දරුවෙකු මව්කිරි හිරවීමෙන් මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි. දරුවාගේ මව 23 වැනිදා රාත්‍රියේ මව්කිරි ලබාදීමේ දී පිටඋඟුරේ යෑම හේතුවෙන් මව්කිරි සිරවී දරුවාව රෝහල්ගත කර තිබුණි. යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පදිංචි ක්‍රිෂ්ණකුමාර් හරිහරන් නැමති මාස තුනක් වන දරුවා රෝහල්ගත කිරීමේදී අනාවරණය වී මියගොස් ඇති බවය. මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, එහිදි අනාවරණය වී ඇත්තේ මව්කිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් දරුවා මියගොස් ඇති බවය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.