Author: LFN

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය. ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක මහත්මිය සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවය.…

Read More

මේදිනවල ඇදහැලමින් පවතින ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක ජල ගැලීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇත. මෙම ජල ගැලීම් වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ කසල බැහැර කිරීම හේතුවෙන් ජලය ගලායන මාර්ගයන් අවහිරවීමයි. මෙම ජනතාවගේ වගකීම් විරහිත කුණු කසල බැහැර කීරීමෙන් අවහිර උණු කානු පද්දතියක් පසුගියදා යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු විසින් වර්ෂාව මැද එම කාණුව සුද්ද පවිත්‍ර කිරීමේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. රටේ ආපදාවක් ස්වභාවික විපත් වැනි අවස්ථාවන් වලදී ජනතාවගේ සුබ සිද්දිය උදෙසා කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකන් වෙනුවෙන් අපි අපගේ ආචාරය හිස නමා පිරි නමමු.

Read More

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (02) මාවතගම පොලීසිය විසින් සිදුකළ අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, “පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් යම් ආකාරයේ කොල්ල කෑම්, සොරකම් කරන ලද පුද්ගලයෙක් මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම සැකකරු පසුගිය 09.12 වනදා ගමන් කළ තවත් පුද්ගලයෙක් රුපියල් 207,000ක මංකොල්ලකෑමක් සිදුකළා මාවතගම පොලිස් වසමේදී ඊට අදාළ යතුරපැදියේ පිටුපසින්…

Read More

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබුණේ ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ සිය මෝටර් රථය විකුණා දමා, විදෙස්ගත වීමට පෙර බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු ද හමුවී ඇති බවය. එසේම ටී. සරවණරාජා මහතාට ඔහු වසන ආකාරයේ කිසියම් ආකාරයක ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙක් ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙවන් වාතාවරණයක සරණවරාජා මහතාගේ බිරිඳ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්…

Read More

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි. ගංගාවල නවතම ජල මට්ටම් සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබේ. ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතී. මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටය. මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටමද නවතම වාර්තාව අනුව යළි ඉහළ යමින් පවතී. එම ගංගාවේ තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවල ජල මාපාංකවල මේ වනවිට දැක්වෙන්නේ…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතිඥ සාමූහිකය පවසයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි. අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි. නීතිඥ සාමුහිකය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, “මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත්…

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (03) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකිය. සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ඔවුන්ව නම්කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව විනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්…

Read More

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ ගුවන් ගමන් 8ක් ප්‍රමාද වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව ඇති බවය.

Read More

‍ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස්ගාස්තු ද ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසුවේ, අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් බස්ගාස්තු ඉහළ දැමීම සිදුකළ යුතු බවය. ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි.

Read More