Author: LFN

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක් ලෙස බිනර පුර පසළොස්වක පොහොය දිනය සැලකෙයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බව සඳහන්ය. බිනර පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.

Read More

98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීම සම්බන්ධයෙන් එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ සමස්ත කැනේඩියානු ජනතාව වෙනුවෙන් යුක්‍රේනයෙන් සමාව ඉල්ලා තිබේ. අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි. මේ අතර, යුරොස්ලොව් හුන්කා යුද විරුවකු ලෙස හඳුන්වා දුන් කැනඩා කථානායක ඇන්තනී රොටා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව ද වාර්තා වේ.

Read More

ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය අද (29) ආරම්භ වෙයි. අද සිට ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන පුහුණු තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය. දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙයි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ. මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංජීව කුමාර නොහොත් පොඩ්ඩා නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ජංගම දුරකතන 4ක් හා සිම්පත් 2ක් සොයාගෙන තිබේ. පිළියන්දල ප්‍රදේශයේ සැකකරු නවාතැන්ගෙන සිටි නිවසේ තිබියදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත. පොලිසිය පැවසුවේ සැකකරු විසින් අදාළ දුරකථන හරහා මිදිගම රුවන් සමග සබඳතා පවත්වා ඇති බවය.

Read More

කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු අලෙවි කළ 24 හැවිරිදි තරුණයෙක් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ චීවරධාරියාට අසභ්‍ය දර්ශන අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000ක් පමණ සොයාගෙන තිබේ. ඒ අතර වයස අවුරුදු 3 සිට ඉහළට කුඩා දැරියන් සිටින බව මේ වනවිට හෙළිවී ඇත. සැකකරු ඊයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා.…

Read More

ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එහිදී DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය වෙත මෙලෙස අවධානය යොමුව ඇත. එහිදී Christine Mhundwa පවසන්නේ මෙවැන්නක්, “මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින්…

Read More

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ LECO සමාගම පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු වෙයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක තද…

Read More