Author: LFN
මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්රතික්ෂේප කිරීම මීට හේතු වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන්ය.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් නොකර ප්රතිව්යූහගත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීම මඟින් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවය. “අපි දුම්රිය ස්ථානාධිපති සංගමය වශයෙන් අදහස් දැක්වීම කරලා තියෙනවා. මේ හැම සාකච්ඡාවකදීම. ඒ හැමවෙලාවේම ප්රකාශ කරලා තියෙන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කරනවාට වඩා දුම්රිය දෙපාර්තමේන්තුව ප්රතිව්යුහගතකිරීමක් කරනවා නම් තමා වටින්නේ. අධිකාරියක් කිරීමේ දී අමාත්යාංශ ලේකම්තුමා අපි දැක්කා කියනවා මහ භාණ්ඩාගාරයේ මුදල් වෙන්කිරීමක් කරන්නේ නෑ කියලා සේවකයින්ට. දුම්රිය උපයන ලාභය මත තමා සේවකයින්ගේ පඩි ගෙවන්න ඕනේ. 19,382ක සේවකයින් පිරිසක් ඉන්නවා. ඒ අදාළ නඩත්තු කටයුතු හැමදේම…
අරගලය පැවති සමයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කළ හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ප්රකාශ කළේය. එම හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ඡ්යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්රම මහතා මේ බව සඳහන් කර සිටියේය. මුර්දු ප්රනාන්දු, යසන්ත කෝඳාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි. ඡ්යේෂ්ඨ…
මීට දින කිහිපයකට පෙර ඌරුබොක්ක, මැකිලියතැන්න ප්රදේශයේ සයමස් වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව අතර දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව ඊයේ ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින අතරතුර නිවසේ ඇතිකරන සුනඛයා සිය කකුලෙන් ඇල්ලූ බවත්, ඒ සමග තමා කලබලවීම නිසා දරුවාගේ හිස බිත්තියේ වැදුණු බවත් මව එදින පොලිසියට පවසා තිබුණි. කෙසේවෙතත් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී ඩී.ඩී. සමරවීර මහතාගේ නිගමනය කළේ, හිස් කබලට, මොළයට, උරස් කොඳුඇට පෙළට, පපුවට, උදරයට, සහ යටි හනුවලට මොට බලයක් යෙදීම හේතුවෙන් මරණය සිදුව ඇති බවය. ඒ අනුව ඌරුබොක්ක පොලිසිය මගින් අත්අඩංගුවට…
කළුතර කලපුව ආසන්න මුහුදු වෙරළට ඊයේ රාත්රියේ නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇත. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40 ත් 50ත් අතර පසුවන අයෙක් බව පොලීසිය පවසයි. ඔහුගේ අනන්යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත
බේරුවලදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල-කොළඹ AC බස් රථයක් සහ කතරගම-කොළඹ ලංගම බස් රථයකි. අනතුරින් තුවාල ලැබූ 6 දෙනෙකු බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල වෙත මාරුකර යැවීමට නියමිතව ඇත.
පවතින වැසි සහිත කාළගුණය සමග නිල්වලා ගඟේ ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව ගංගාවේ ජල මට්ටම මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවය. එම නිවේදනයට අනුව තල්ගහගොඩ ජල මාපාංකයේ ජල මට්ටම මීටර් 2.36ක් ලෙස දැක්වෙයි. එය මීටර් 2.80 දක්වා පැමිණියහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙස සඳහන් වෙයි. මේ අතර පානදුගම ජල මාපාංකයේ නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 6.82ක් ලෙස සටහන්ව ඇත. එය මීටර් 7.50 දක්වා පැමිණියහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙස සඳහන් වෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඊයේ විදුලි හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇත. අමාත්යවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවය. පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවද අමාත්යවරය සිය පණිවුඩය මගින් සඳහන් කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක දිවයිනට පැමිණියේය. ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට ඔස්ට්රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණි.
දිවයිනේ නිරිතදිග ප්රදේශවල පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්රදේශවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වලත්පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.